තිස්එක්වන රෝස පෙත්ත🌸

1.3K 79 5
                                    

"මං හිතලවත් නෑ බන්.. බලපන්කො.. දැන් දවස් දෙක තුනක ඉදන් එක දිගට කියවනවා.."

"එකපාරටම ඇයි දන් නෑ..."

"කොහොමත් කිය කිය හිටියෙ.. 28ක්ය.. නාකිවෙනවාය.. ඉක්මන් කරපිය.. අනන් මනන්.. ඔය කිව්වට පුලුවන්ද බන්.."

"ආන්ටිට සෙට් වෙන කෙනෙක් හම්බෙලා ඇති.. හදිසි කරවන්නෙ.."

"හ්ම් ඔව් එහෙම තමයි... අපෙ අම්මලගෙ පැත්තෙ කව්ද එකියක්.. මංනන් දන්නෙවත් නෑ බන්.. ඒකිත් ඩොකෙක්ලු... ඔසී වලම... ලස්සනලු.. සුදුලු.. මැචින්ලු... යකෝ බබාලත් සුදුවට ඉදීලු.. බලපන්.."

"අම්මලනෙ.."

"කියලා වැඩක් නෑ ටිපිකල් ශ්‍රීලංකන් මාම්ස්... පුතා ඩොකෙක් කරගත්තම ඊලගට ලස්සන ලේලියෙක්.. ඊටත් පස්සෙ ඒ වගේම ලස්සන බබාලා හදන්න.. බලපන් ඉවරයක් තියෙන්නෙ කොතනද කියලා.."

"මට තේරුමක් නෑ ඉතින්..."

"නෑ බන් කේනයා.. එහෙම නෙමෙයි නිකමට හිතපන් මං බයි නෙමෙයි ගේ උනා කියලා.. අමාරුයිනෙ යකෝ මේවා පැහැදිලි කරලා දෙන්නත් එයාලට..."

"මේ බී අව්ලක් නැතිවෙයි.. ඕසිවලනෙ ඉන්නෙ..."

"පිස්සුද බන්...එහෙ ඉන්නෙ මං දන්න කාලේ ඉදන්.. ඒත් අර අනුන්ගෙනන් දාර්ශනිකයි තමන්ට වෙද්දි තමයි නටන්න ගන්නෙ.. කොච්චර කොහොම උනත් එයාලට ඕනි දොස්තර පුතාට උගත් රූමත් දියණියක්ම තමයි.."

"සුවී ගැන මොකෝ..."

"පිස්සුද උබට.. අනික අම්මලා කිව්වට මට තාම ඒ ගැන අයිඩියා එකක් නෑ.. "

"බේරෙන්න බැරි වෙයි හැබැයි.. කොහෙද උබ අපිත් එක්ක යන්න කැමතිත් නෑනේ..."

"බෑ බන්.. තාම මගෙ හීනෙ වෙනසක් නෑ.. අනිත් දේවල් කොහොම වෙතත් මං ඒ හීනෙට ආදරේ කලේ අවුරුදු දාහතරේ ඉදන්... උබට මං දන් නෑ තේරෙයිද කියන්න.. ඒත් පපුවක් හුස්ම ගන්න සද්දයක් ඇහෙන එක.. ඒ සද්දෙ ඇහෙන්න හේතුව මං කියන එක.. මට ඒක ලොකු දෙයක්..."

"හ්ම්ම්.. ඇත්ත මං දන් නෑ.. මට තේරෙනෙත් නෑ... ඒත් මං දන්නවා මගෙ පපුව තාම ගැහෙන්නෙත් උබ නිසා කියලා.. අන්න ඒක නිසා කොහෙ හිටියත් මං දෙපැත්තම අල්ලගන්න ලෑස්තියි වගේම උබත් ලෑස්ති පිට ඉදපන්.. "

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now