කම්මුලකුත් එබෙන්නම ඉම්බ කේන් රෝසමලව බිමින් තිබ්බා.... තිබ්බ පරක්කුවට රෝසමල උඩ එයාලගෙ රූම් එකට දිව්වෙ කේන් ඒ දිහා බලලා ආයිම පහලට එද්දි....
"ඔෆිස් රූම් එකට යමන්.. මං එන්නන් කොෆී අරන්.."
"හෙල්ප් එකක් ඕනිද කේන්..."
"අව්ලක් නෑ සුවී...I can manage..."
සුවීගෙන් රෝසමලට හම්බුනු චොක්ලට් එකත් ෆ්‍රිඩ්ජ් එකට දාලා කොෆී මැශින් එකෙන් කොෆී මග් තුනක් හදාගෙන කේන් ඔෆිස් රූම් එකට යද්දි රොකීයි සුවීයි හිටියෙ මොකක්හරි එයාලගෙ කතාවක...
මග් දෙක එයාලට සර්ව් කරලා තමන්ගෙ මග් එක අතට ගත්ත කේන් එයාගෙ පුටුවෙන් වාඩි උනේ ඉස්සරහා හිටිය දෙන්නට බැල්මක් දාලා...
"මොකක්ද කේස් එක..."
රොකී අහද්දි කේන් ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් අරන් සුවී දිහාට හැරුනෙ ඒ ඇස් වල හරිම තද බැල්මක් තියෙද්දි...
"මට විශේන්ගෙ ශෙයාර්ස් ටික මගෙ නමට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනි..."
"ඒක කරන්න අපිට තාම ඔරිජිනල් ඩොකියුමන්ට්ස් හම්බුනේ නෑනේ කේන්..."
සුවී කියද්දි රොකී දිහාවටත් බැල්මක් දාපු කේන් කොෆී මග් එක මේසෙ උඩින් තිබ්බෙ එතනම තිබ්බ ෆයිල් එකක් අතට ගන්න ගමන්...
"ඩොකියුමන්ට්ස් හම්බුනා... සුවී මේ වැඩේ මට හදිස්සියි... පුලුවන් තරම් ඉක්මනට මට ට්‍රාන්ස්ෆ්‍රර් කරපු ඩොකියුමන්ට් එක රෙඩි කරලා දෙන්න..."
කේන් එයාගෙ අතේ තියෙන ෆයිල් එක සුවීට දෙද්දි රොකී බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. ඊයෙ හවස් වෙනකන් තිබ්බෙ නැති ෆයිල් එකක් එක පාරටම මතු වුනාම ශොක් වෙන එක අහන්නත් දෙයක්ද...
"ඕකේ.. ඒත්.. අපි මේක සයින් කරවගන්න ඕනි විශේන්ට කියලා... එයාව ගෝල්ඩ් මූන් එකෙන් ගන්නද ඔයාලා හදන්නෙ..."
සුවී ඇහුවෙ ඒ ෆයිල් එක පෙරලන ගමන්.. සුවී දන්නෙ නෑනේ විශේන් කියන්නෙ රෝසමලට කියලා... කේන් කැමති උනෙත් නෑ ඒක එයයි රොකීයි ඇරෙන්න වෙන කවුරුත් දැනගන්නවට... ඒ සුවී උනත්... කේන් සුවීව එයාගෙ ලගම යාලුවෙක් කියලා අරන් විශ්වාස කරනවා තමයි.. ඒත් එයා රෝසමලගෙ ගොඩක් දේවල් සුවීත් එක්ක ශෙයා කරගන්න කැමති නෑ... රොකීත් එක්ක ඕනි මගුලක් උනාට එයා සුවීත් එක්ක ඒ පැත්තෙන් පොඩි ඩිස්ටන්ස් එකක් තියාගෙන ඉන්නෙ...
YOU ARE READING
රෝස පෙති🌸 Rose Petals🌸
Kurgu OlmayanFluffy Smut story Mature content Sinhala Fiction BL story Boy×Boy love Strong language Smut Story Read at ur own risk🌸 All the credits goes to the relevent owners for the images and photos in this story that have simply downloaded from internet sou...