"මේ.. ඒක නෙමෙයි උබට හිතෙන්නෙ නැද්ද දැන් ඔය කන්ට්‍රෑක්ට් එක ක්ලෝස් කරලා කොල්ලව ලගට ගත්තනන් හරි කියලා.."
මෙච්චර වෙලා කතා කරපු සෙල්ලක්කාර ටෝන් එක නවත්තලා රොකී ඇහුව දේට කේන්ට නිකන්ම හුස්මක් පිටවුනා.. එහෙමම එයා බැලුවේ එයාගෙ පපුව උඩට වෙලා නින්දෙන්ම ඇරිච්ච චූටි කටෙන් රෝස දිවෙන් පෙරෙන කෙල බින්දු දිහා.. එයාගෙ රෝසමල සැප නින්දක...
"උබ දන්නවනෙ.. ඒක තියෙන්නෙ නමට විතරයි කියලා.. අනික එහෙම තියෙන්න හේතුවත් උබ දන්නවනේ.."
" ඒ උනාට කොල්ලා අවුලෙන් බන්.. අදත් කිව්වා එයාගෙ පර්ෆෝමන්ස් අඩු උනොත් ඩැඩී එයාව ගිහින් දායි කියලා.. කොල්ලා එතනට මාර බයයි කේන්.. මතක් කරනකොටත් වෙව්ලවනවා"
"මේ දේවල් මං ඉක්මනටම ඉවරයක් කරනවා.. එතකොට එයා ආයිම බයෙන් ඉන්න ඕනි වෙන්නෙ නෑ කවදාවත්..."
"හ්ම්.. හ්ම්.. උබෙ කැමැත්තක්.. මං අර ෆයිල් දෙක බැලුවා.. ලොකු දෙයක් නෑ ඒකේ... මට හෙට උබට පෙන්නන්නන්.."
"ම්ම්.. හෙට ෆයිල් එක අරන් උබ උදේ වරෙන් දහයට විතර.."
"ඒ මොකෝ.. උබ හෙට යන්නෙ නැද්ද හොටෙල් එකට"
"මං උදේම යනවා.. එනකොට රෑ වෙයි.. උබ පොඩ්ඩක් ඇවිත් ඉදපන්.. බේබිට ශොපින් කරන්න ඕනි කිව්වා.."
"ආහ්.. ඒක මිසක්.. හරි හරි මං එන්නන්"
"රොකී උබ එලියට ඇදන් යන්න පුලුවන් විදියෙ රෙදි ටිකකුත් අරන් දියන්.. ලබන සතියෙ මං කොල්ලව ට්‍රින්කො අරන් යනවා.. නැත්තන් දන්නවනෙ මෙයා අදින එව්වා අරන් ඉස්සරහා දොරෙන් එලියට යන්න බෑ"
" උබ වෙනුවෙන්නෙ ඉතින්.. ට්‍රින්කො යන්නෙ අර වැඩේටද.. උබට ශුවර්ද ට්‍රින්කො වලයි ඒක තියෙන්නෙ කියලා.."
"මුකුත්ම නැත්තන් තියෙන එකම ගෙස් එක දිගේ හරි යන්න ඕනිනෙ බන්.. උබ කොල්ලගෙ බෑග් එක පැක් කරලා දියන්කෝ.. අන්තිමට මට මල පනින එකක් එහෙ ගිහින් ඇන්දොත් එහෙම ඌත් ගුටිකාලා මාත් බෙහෙත් බීලයි නතර වෙන්නෙ"
"හරි හරි මං ඒක කරන්නන්.. මේ ඒක නෙමෙයි.. හෙට එතකොට කොල්ලව මටද.."
ඒ කතාවටනන් කේන්ට ටිකක් විතර හයියෙන් හිනාවකුත් ගියා.. රොකී ගන්න! රෝසමලව.. ගන්නවනන් බැරියැ...
YOU ARE READING
රෝස පෙති🌸 Rose Petals🌸
No FicciónFluffy Smut story Mature content Sinhala Fiction BL story Boy×Boy love Strong language Smut Story Read at ur own risk🌸 All the credits goes to the relevent owners for the images and photos in this story that have simply downloaded from internet sou...