වර්ෂ 2016 සැප්තැම්බර් ,
මහනුවර.මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට
මතක අගුලු හැරදාලා...හිරිකඩ මන්දාරම මැද්දෙන් සෙංකඩගල නුවරින් මන්දාරම් නුවරට...අහලා තියෙනවද ලෝකෙ ලස්සනම තැන් තියෙන්නෙ කාටත් හොරා හැංගිලාය කියල...මේ ලෝකෙ ආදරණීයම තැන් කාට කාටත් රහසක් නොවුනට...ලස්සනම තැන් හැමදාමත් තිබුනෙ හැංගිලා....රහසක් විදිහට...හරියට උඩරට පුරවරේ හැංගිලා තිබුන ඒ සුන්දර මන්දාරම් නුවර අඩවිය වගේ....
ප්‍රේමණීය නගරයක් වෙච්ච මහ නුවර වැව රවුම පේන මානෙදි එක තත්පර දහයකට නැවතිලා කඩල ඇටයක රහ බලන්න ආසාවෙ හිත කොච්චර මුරණ්ඩුකම් කෙරුවත් මේ වැහි මන්දාරමේ ආයෙම වාහනේ නවත්තන්න හිත නොදුන්න මං එක පිම්මට මගේ ගමනාන්තය හොයාගෙන වැව රවුමට සමු දුන්නා....
විසිතුන් අවුරුද්දකට පස්සෙ මම ආපහු යන්නෙ මේ මගේ ගමට...ආයෙමත් පය නොගහන්නම මේ ගෙන්දගම් පොළවෙන් එහාට පය තියන්න කලියෙන් එකපාරක් හරි යා යුතුමයි කියල හිතුන මගේ ගමට....මගේ තාත්තාගෙ උපන් ගම වෙච්ච...මං මගේ අම්මගෙ කුසට ආව ඒ... මන්දාරම්ගමට.....
ප්‍රේමණීය මහ නුවර අඩවිය...මීදුම වෑහෙන හන්තාන කදුවැටිය...සර්ප විමානයක් වෙච්ච උඩවත්ත රක්ෂිතය...මල් පිපෙන සුන්දර පේරාදෙණිය...ඉතිං මහනුවර කියන්නෙම ප්‍රේමයක් නොවී තියේවිද...
සීතල පිණි පොද වැස්සත් එක්ක මීදුම අතරින් ඈත පේන හන්තාන අඩවිය මගේ හිත අස්සෙත් මහනුවර අඩවිය ගැන ආදරයක් පූදනකොට වේදනාවෙන් උනත් මං ඒ ප්‍රේමණීය නගරය පහු කරන් ඉදිරියට ඇදුනා...
YOU ARE READING
රුද්‍රාශ්‍යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -