" ඔය දෙදොහකට විතර කලින් මහ පාන්දර චූටි මැණිකෙ ගොහින් තියෙනවා දොට්ට පිලට යන්ටයි කියල .......ආන්න ඒ වෙලාවෙ තමා චූටි මැණිකෙ දැකලා තියෙන්නෙ අර වලව්වට වැව පේන හරියෙ තියෙන ගොරකා ගහ යට බළල් පැටියෙක් ඉන්නවා......මැණිකෙ බළල් පැටියට ආසාවෙ ඒ පස්සෙ ගොහින් .... එතකොටම තමා ඔය සන්තෑසිය වෙලා තියෙනවයි කියන්නෙ........සෝමා අක්කා කීව විදිහට නම් ඔය මැණිකෙගෙ පිට හරහට නිල් වෙන්න හස්තයක් හිටලලු.....කොහොමත් ඉතිං ඔය එලැත්තෑවේවල කියන්නෙම භූත අමනුස්ස විමානනෙ.......ඔව්වා පුදුම වෙන්ට තරම් කාරණා නෙවේ නොවැ...."
මගේ ඔලුව හත් කඩකට පිපිරිලා යන්න ඇති ...... දෙයියනේ එදා මං එහෙන් මහ පාන්දර එනකොට මා එක්ක රුද්‍ර නාවෙ ඒකද....... මේ යකා ගිහින් මොන කෙහෙල් මලකටද අර ගෑනිට ගැහුවෙ....අනික ඒකිට සහලෝලා උණ ගන්ඩ ගහන්න තරම් උඹ ඇයි බං ඔහොම ........
මං උන්නෙ අතරමං වෙලා.... අර උන්දැ කීව විදිහට නම් ගුරා අදුරට කැපව සන්නි නටවලා මගේ රුද්‍රගෙ ආත්මය හිර කරලා.... අනේ රුද්‍ර එදා නිතිල්ගෙ ගෙදරට පය ගැහුවෙ නැත්තෙත් අදුරට කැප බන්ධන කරලා කියලයි....ඒ කියන්නෙ රුද්‍රට අනිවාර්යයෙන් මොකක්ම හරි කරදරයක් .......එහෙම නැත්තම් එයා මෙච්චර ගින්දරක් මට දෙන්නෙ නෑ ........
මොනවද කරන්නෙ......මොනවද කරන්නෙ......ආහ්.....මයුර්ශිලාවට යනවද....ඒත් යන්නෙ මොන ලෝකෙන්ද....කොහෙන්ද මයුර්ශිලාවට යන්න පාරක්....ඒ ගියත් මං කොහොමද රුද්‍රව බේරගන්නෙ...එයා කොහෙද ඉන්නෙ......
වලව්වට යනවද.....සීයා කොහොමද දන්නෙ රුද්‍ර ගැන....එයා කලින්ම වර්නින් දුන්නෙ මට ඒකද එතකොට ......ඒත් දැන් වලව්වම අදුරට කැප බන්ධන කරලා නම් මගේ ඇග ඇතුලෙ තියෙන වින්ද්රගෙ ශක්තියට ඒකෙන් බලපෑමක් වෙනවා...නෑ ....වලව්වට ගිහින් මොන පිත්තමක් කරන්නද...ඒත් මං වෙන මොනවා කියල කරන්නද....
ෆෝන් එක පිපිරෙන්න තරම් වයිබ්රේට් වෙනවා...මැසේජ් මැසේජ් ...කෝටි ගාණක් මැසේජ්...තාත්තා අසලියා ආන්ටි....ඒ හැමෝම ඊයෙ රෑ වෙච්ච දේ එක්ක අපි දෙන්නව හොයනවද කොහෙද...අනේ ඕනෙ මගුලක්...එකාතකට ඕනෙම නෑ ඔව්වට කතා කරන්න...ඊයෙ ටීනා අච්චර කැත කතාවක් කියද්දි එයාලත් උන්නනෙ සද්දෙ වහලා...ඔහෙ විදවපු දෙන්....
YOU ARE READING
රුද්රාශ්යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -