රුද්‍රගෙ වස්තුව.... අම්මගෙ රෙද්ද වස්තුව.......ඇත්තමයි....ඇත්තමයි අම්මපා මූ යකෙක් නෙවේ මොකෙක් උනත් මට කමන් නෑ .... උඹ දෙන ගින්දරට දැන් මාව මකරෙක් වෙලා රුද්‍ර....තෝ යකෙක් නෙවේ තෝ මහ පිස්සු ප#ක්...
මං උන්නෙ රුද්‍රගෙ මොණර පිහාටු යහනෙ ඉදන් අන්ධකාර අහස දිහා බලාගෙන...හිත යටින් අම්බානකට රුද්‍රට බැන බැන උන්නට මොකද රුද්‍රව කිසි කරදරයක් නැතුව ආපහු දකින්න හම්බුන එකට මං ස්තූති නොකරපු දෙයියෙක් නැතුව ඇති ......ඒත් එහෙමයි කියල මේ යකාට කිසි බුරුලක් දෙන්න හොද නෑ ......මූ හන්දා මගෙ ඇස් දෙකෙන් වැටුන කදුළු...... මං මොන කට්ටක් කාලද මේ කැලේ අස්සට ආවෙත්....අර මගදි හම්බුන ගෑණු පරානෙ වතුර බොන්න තියා අල්ලන්නවත් එපා කීවනෙ මට ......රෙද්ද...
ශිව තාණ්ඩව ඉවර වෙනකොට මගේ යටි පතුල් මගේම ලෙයින් තෙත් වෙලා තිබුනා.... මීටම වසර හාරසිය ගාණකට උඩදි රුද්‍රගෙ ජීවිතේ බේරන්න ඒ බිමම තෙත් කරාපු ලේ අදත් රුද්‍රගෙ ජීවිතේ වෙනුවෙන් ඒ භූමිය තෙත් කරා..... අවසානෙදි එයා ආවා....අමාවක අහසට පුර හද පෑයුවා...මගේ පිච්චමල් සුවදෙ අයිතිකාරයා.... එයාගෙ නියම යක්ෂ ස්වරූපයෙන්ම මං එයාව දැක්කා......
ඒත් එතනින් එහාට මට රුද්රත් එක්ක කිසිම ඇයි හොදැයියක් තිබ්බෙ නෑ ...... තල තෙල් සුවද පහන් වල එළියෙන් රුද්‍රගෙ දිලිසෙන රූපශ්රිය දිහා බලාන උන්න මං ඊශ්වරට සිය දහස්වාරයක් ස්තූති කරා..... ඒත් මේ වෙනකල් රුද්‍රට විතරක් මං බැල්මකින්වත් සමාවක් දුන්නෙ නෑ ........
මගේ ඇග අත පය රිදෙනවා .......යටි පතුල් පැලිලා අඩිය ගහ ගන්නවත් බැරි තරම් මට අමාරුයි .......ඒත් මං රුද්‍රව තඹේකට මායිම් නොකර හංස පොකුණ අද්දර තිබ්බ මොණර පිහාටු සයනයට ආවා.... අමාවක රැයක් නිසා මුළු අහසම අන්ධකාරයෙන් ගිලිලා... ඒත් කෝටි ගාණක් තරු කැට අහස පුරාම පිරිලා හරියට කළු පාට කැන්වස් එකක සුදු පාට තීන්ත බිංදු ඉහලා වගේ....
රුද්‍ර සමාව ඉල්ලනවා.... ස්තූති කරනවා...ඒ වගේම ආයෙ ආයෙ මට බනිනවා....ඒ අත් මගේ යටි පතුල් දිගේ හෙමි හෙමීට එහා මෙහා යනකොට මටත් නොදැනිම මගේ අතපය වල තිබ්බ කැක්කුම් නැති වෙලා ගියා...ඔව් ඉතිං ...මගෙ රුද්‍රගෙ අත් වලට සුව කිරීමේ බලයක් තියේනෙ කොහොමත් .......ඒත් කමන් නෑ ....උඹ එක්ක මට කතා ඕනෙ නෑ රුද්‍ර....උඹ දැන ගන්න ඕනෙ මේ කාශ්‍යපට මොන තරම් රිදුනද කියල .......උඹට කරදරයක් කියල දැන ගත්තු තත්පරේ ඉදන් මේ කාශ්‍යප මොන තරම් කදුළු වැට්ටුවද කියල ...උඹ දැන ගන්න ඕනෙ රුද්‍ර......
YOU ARE READING
රුද්රාශ්යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -