27.🦚

241 32 14
                                    

අනේ දෙවියනේ....මට හරි පාලුයි දෙවියනේ....අහිංසක මට  අනුකම්පා කරලා ලස්සන ගෑණු ලමයෙක් මං වෙනුවෙන් දෙන්න..."

අදත් එකම අවනඩුව..... දෙයියොන්ට දිව්‍යලෝකෙත් එපා වෙලා ඇති මූගෙ මල ඉලව් අඩෝවැඩියාව හන්දා දැන් ......

මං උන්නෙ අදත් මුරුගන් ගාව ඉදන් පූජාව තියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉල්ලන ඒ කොල්ලා දිහා නිවීසැනසිල්ලේ බලාගෙන...
ලඩ්ඩුවක් කන්න කියල කෝවිල පැත්තෙන් ගියොත් මුරුගන්ව නොදැක යන්න බැරිකමට කෝවිලට පය ගැහුවත් මොකද එක දවසක් හරි අහම්බෙන්  වගේ මගේ ඇස් නැවතුන එක්තරා රූපයක් නිසා මං දැන් හැම සිකුරාදාම කෝවිල් එන්න පටන් අරන්... ඒකත් ලඩ්ඩු නිසා නෙවේ...ඒ රූපේ නිසා....

" අම්මටවත් මං ගැන බලන්න වෙලාවක් නෑ ........ මං වෙනුවෙන් කවුරුත්ම නෑ දෙවියනේ.... මටත් කියල හැගීම් දැනීම් තියෙනවා...මාත් ආසයි කවුරු හරි මං එක්ක ඉන්නව නම්....මාව අහන් ඉන්නව නම්...අඩුම ගානෙ මට ආදරේ කරනව නම්....ඒත් ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ........."

මං එයාව දැක්ක පළවෙනිම දවසෙත් එයා කරේ මුරුගන්ට පූජාව තියලා එයාට ආදරේ කරන්න කෙනෙක් ඉල්ලපු එක....මුලින් මුලින් මටත් එයාව දැනුනෙ විහිලුවක් වගේ....ඒත් පස්සෙ තමා මට තේරුනේ...ඒ කොල්ලා ඉල්ලන්නෙ එයාට නොලැබෙන ආදරේ කියල .....
ඒ අතින් ගත්තම ඌයි මායි කියල වෙනසක් නෑ ...ඌ ඉල්ලන්නෙත් අම්මගෙන් නොලැබුන ආදරේ වෙන කාගෙන් හරි ලැබෙන්න කියල .... මං ඉල්ලන්නෙත් අම්මගෙන් විදලා නැති ආදරේ කාගෙන් හරි මට විදින්න ලැබෙන්න කියල ...

" ආහ්ව්.....ස්...සොරි....."

" ඉ..ඉට්ස් ඕකේ...."

කල්පනා ලෝකෙක ඉදන් එයා දිහා බලන් හිටියත් මොකද මගේ කල්පනාව අද දුර ගිහින් වැඩී කියන්නද කොහෙද එයාව මගේ ඇස් මානෙන් අතුරුදහන් වෙලා තියෙද්දි කලබල වෙලා එයාව හොයපු මගේ ඇගේ හැප්පුන කවුරු හරි ඇදගෙන වැටෙන්න ගියා වගේම මං ඒ ක්ෂණිකවම ඒ කෙනාව අල්ල ගත්තා....

දෙයියනේ ....!! ඒ එයා.... ඒ දුඹුරු පාට ඇස්..... වල ගැහුන කම්මුල්.... මෙච්චර දවසක් ඈත ඉදන් බලන් උන්න මගේ තනිකඩ කුමාරයා....

රුද්‍රාශ්‍යප 🦚Where stories live. Discover now