16. 🦚

307 46 4
                                    

දැන් එතකොට මං මොණරා...ඔව් ඔව්...මං මොණරා... ඒකට මොකද යාලු වෙනකොට නම් කීවෙ කොහොමද රුද්‍රගෙ වස්තුව...මං උඹේ පුරහද ...අනේ අම්මගෙ රෙද්ද තමා ....ඔව් ඉතිං නයින්ට පේන්නෙ රුයිතෙට නෙ...ඒකනෙ වින්ද්‍ර උඹ වගේ මෙලෝ රහක් නැති යකෙකුට අච්චර ලස්සන හදක් සමාන කරේ....නෑ ...එක්කො වින්ද්‍රගෙ වැරැද්දක් නෑ ... හදෙත් ආවාටනෙ...

මං පුලූවන් තරම් රුද්‍රට බැන්නා...ඇයි මගුල... කොච්චර ලස්සන උනත් මොණරා කෑගහද්දි අහන්ඩ කැතේ බෑ ... මේ යකා මට තියෙන ආදරේකට නෙවේ මං මොණරෙක් වගේ කීවෙ....

" රුද්‍රගෙ වස්තුවට කට රිදෙන් නැද්ද ඔච්චර කියවලා ම්න්..."

" ම්හ්ම්....එන්න එපා හුරතල් කරන්න .... මං මොණරා නෙ..."

" ම්න්...රුද්‍රගෙ මොණර පැටියා...දැන් කොහෙද මේ යන්නෙ..."

මෙච්චර වෙලා මගෙන් කුණු බැනුම් අහපු රුද්‍ර මාව හුරතල් කරලා කොහෙද යන්නෙ අහද්දි මට මීට ටික වෙලාවකට කලින් රුද්‍රව හොයපු හේතුව මතක් වෙච්ච මං වාහනේ නැවැත්තුවා....

" රුද්‍ර.... මට හැමදාම මෙහෙ ඉන්න බෑ ... මං මෙහෙ ආවෙ නිවාඩුවකට... තව සති දෙකකින් මට ආපහු යන්න වෙනවා.... එතකොට ..."

" මාව දාලා යනවද..."

සත්තයි ඒ වචන වලට මගෙ හදවත නැවතුනා...රුද්‍ර අහපු එකම දේ...එයාව දාලා යනවද කියන එක වෙද්දි මං රුද්‍රව තුරුල් කරගත්තා....මට බෑ රුද්‍ර නැතුව ඉන්න...රුද්‍ර නැති ජීවිතයක් ගැන මට ආයෙම හිතන්නවත් බෑ ....අනේ දෙවියනේ.... ඒත් මං කොහොමද මෙහෙ නවතින්නෙ.... මට බැරි කමක් නෑ මයුර්ශිලාවට වෙලා එයා එක්ක ඉන්න....ඒත් මං කොහොමද එකපාරටම අතුරුදහන් වෙන්නෙ.... තාත්තා ... නිතිල්...ආන්ටි අසලියා... දෙයියනේ ඒ මිනිස්සුන්ට පිස්සු හැදෙයි....

" මට බෑ රුද්‍ර...මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ ....අනේ ....අනේ රුද්‍ර ...... මට...........

" ඇයි මේ ම්න්....රුද්‍රගෙ මොණර පැටියා මොකද මේ හූල්ල හූල්ල අඩන්නෙ... මං මේ ඉන්නෙ...."

" රුද්‍ර...මට ...මට මේ මුකුත් ඕනෙ නෑ ... මට උඹව තරම් මේ මුකුත් වටින්නෙ නෑ  රුද්‍ර....ඒත්  මං මනුස්සයෙක් ...මනුස්සයෙක් මේ ලෝකෙට ඉපදෙන්නෙම බැදීම් පොදි බැදගෙන... එහෙව් එකේ මං නිසා ජීවත් වෙන්න හිත හදා ගත්ත එයාව දාලා මං  එන්නෙ කොහොමද  ..."

රුද්‍රාශ්‍යප 🦚Where stories live. Discover now