10. 🦚

385 52 11
                                    

වින්ද්‍රගෙ පුරහද.....???

මාව උස්සලා පොලවෙ ගැහුවා වගේ .... මයුර්ශිලාව...??? ...... සියවස් ගාණකට උඩින් උන්න මම......වින්ද්‍රගෙ පුරහද.......???....මේ යකා මොනවද මේ කියවන්නෙ...අනික මොකාද වින්ද්‍ර කියන්නෙ...එතකොට ......එතකොට අර හීනෙත් රුද්‍ර කතා කරේ.....ඔව්...ඒත් වින්ද්‍රනෙ....

මං රුද්‍ර දිහා බැලුවා...එයාගෙ හීනි ඇස් වල ලාවට කදුළු පටලයක් බැදිලා...යකෙක්ගෙ ඇහැට කදුළක් ගේන්න තරම්......කවුද ඒ .......

" රුද්‍ර....වින්ද්‍ර කියන්නෙ ........කවුද..............

" වින්ද්‍ර...........උඹට දැන ගන්න ඕනෙ ඒ කවුද කියල නම් ...... වින්ද්‍ර නාගේෂ්වර........ මට මගැරුන මගේ ජීවිතේ ........"

"මොනවද රුද්‍ර ඔයා මේ කියවන්නෙ...මට මුකුත් තේරෙන්නෙ නෑ .... ප්ලීස් රුද්‍ර....මට මහන්සී....මට හොදටම මහන්සී......උඹව දැක්ක දා ඉදන් මගේ හිතට උඹ පස්සෙ දුවලම හරි මහන්සී.....මට කියපන් මේ වෙන්නෙ මොනාද කියල තේරුම් ඇතුව...."

මං රුද්‍ර ගෙ උරහිස් වලින් අල්ලන් බෙරිහන් දුන්නා...මොකද මට කේන්ති ගියා....යකෙක් උනත් එයාගෙ ජීවිතේ තව කෙනෙක් ඉන්නවා කියන එක....ඒ වචනෙ...ඒක මාව නොසෑහෙන්න පෑරුවා....ඇයි මට මෙහෙම කරන්නෙ......

" උඹ තාමත් ඉස්සර වගේමයි ' මගේ වින්ද්‍ර '..... දෙයක් කියන්න කලින් මවාගෙන නාහෙන් අඩන්න උඹ හරි දක්සයි.... වින්ද්‍ර.... වින්ද්‍ර නාගේෂ්වර කියන්නෙ උඹටම තමා වස්තු.... මට මතක උඹට අමතක උඹේම පෙර භවය............"

" ප්...පෙර...බ්...භවය.....ම්..මං ....??...."

මේ මොන පිස්සුවක්ද....රුද්‍ර කියනවා....එයා කියනවා....ඒ මං ලු.... වින්ද්‍ර.....එතකොට අර හීනෙ....ඒ මැරුණෙ මං ද......
තාමත් රුද්‍රගෙ උරහිස් වල වදුරු පැටියා වගේ එල්ලිලා කල්පනා ලෝකෙක  උන්න මාව ඉනවටෙන් අත දාලා ලගට කරගත්ත රුද්‍ර මාව ඒ විසල් පපුවට තුරුල් කරන් මගේ මුරණ්ඩු ඇස් වලින් වැටෙන කදුළු වැල් පිහ දැම්මා.....

" ඔය ඇස් නිස්කාරනේ තෙමන්න එපා වස්තුව .....උඹෙ කදුළු මාව රිද්දනවා නොසෑහෙන්න......මගෙ වස්තුව උඹ ඔය හැටි කල්පනා කරලා වෙහෙසෙන්න එපා ....  "

" රුද්‍ර.... මට කියන්න .....අනේ මට කියන්න රුද්‍ර.... මට හැමදේම කියන්න .....මං පිස්සෙක් වෙයි රුද්‍ර මේවා හිතන්න ගිහින්........."

රුද්‍රාශ්‍යප 🦚Where stories live. Discover now