21. 🦚

296 43 22
                                    

ආයෙම එන්න වෙයි........පරෙස්සම් වෙයන්.......??

" රුද්‍රගෙ වස්තුව මොකෝ මේ බය වෙලා...."

මං තාමත් උන්නෙ එතනමයි.... ඒ කතා කරේ සීයා.... එලැත්තෑවේවල වලව්වෙ ලොකු හාමු..... ඒකත් එක තප්පර ගාණයි මට පරෙස්සම් වෙන්න ඉක්මනින් ආපහු එන්න වෙයි කියපු සීයා ෆෝන් එක තිබ්බා.....මොකද්ද ඒ උනේ.....

මං රුද්‍ර දිහා බැලුවා....මගෙ යකා අහස දිහා බලාන තරු ගනිනවා.... අනේ මගෙ රුද්‍ර උඹට කරදරයක් වත් ද.....ඒකද සීයා එහෙම දෙයක් කීවෙ....

" රුද්‍ර...... එහෙ මොනා හරි ප්‍රශ්නයක් වෙලාද ...."

" ම්ම්... කොහෙ...  අනේ මේ යමන් මගුලක් අහනවා..."

" රුද්‍ර.... උඹ මොනවද මට හංගන්නෙ කියපන්...."

මාව මගැරලා යන්න හදපු රුද්‍රගෙ කොලර් එකෙන්ම ඇදලා ගත්තු මං රුද්‍රව කාර් එකේ බොනට් එකට තියලා තද කරගත්තා.... මං දන්නවා රුද්‍ර මොනවම හරි මට හංගනවා.... සීයා හදිසියෙම මට මෙහෙම කතා කරන්නත් රුද්‍රගෙ මේ ඇස් කැරකවිල්ලත් මගෙන් මොනාම හරි හංගනවා....

" රුද්‍රගෙ වස්තුව....උඹට මං සැරයක් කීවා.... මාව අතැරලා පැත්තකට වෙයන්....උඹ හිතන්නෙ මං  උඹව වෙන එකියක්ට අයිතිවෙන්න දීලා පැත්තකට වෙයි කියල ද..... උඹ හීන දැකපන් හසරැල්....උඹ මගෙ කියන්නෙ මගෙ .....උඹ මේ රුද්‍රන්ගෙ වස්තුවක්.....!!! උඹට වෙන එහෙකුගෙ හුස්මක්වත් මං වදින්ඩ ඉඩ තියන් නෑ හසරැල් ....මං උඹව මරනවා....අන්න ඒක හොදට මතක තියා ගනින්........"

මොන මගුලක්ද උඹ මේ කියවන්නෙ.... ඒ ඇස් දළු කොළ පාටින් රතු පාටට හැරෙද්දි එක තප්පරයක් ගියෙ නෑ රුද්‍රගෙ දරදඩු අත් අතරට මාව හිර උනා....ඒ අත් එක්ක බලද්දි සීනි බෝල වෙච්ච මගෙ අත් ඉබේටම වගේ රුද්‍රගෙ ඇදුමෙන් අයින් වෙද්දි කාලෙකට පස්සෙ රුද්‍රගෙ සාගරයක් තරම් ගැඹුරු ඒ ගෝරනාඩුව මගේ කන් අස්සෙ රැව් පිලිරැව් දෙන්න පටන් ගත්තා........

එච්චරයි ....... මාව මරනවා කියලම තර්ජනේ කරපු රුද්‍ර මගේ ඔලුව බිම ඇනෙන්නම මාව තල්ලු කරලා දාලා අතුරුදහන් වෙලා යන්න ගියා..... නිකන් නෙවේ..... රත්තරන් මොණර පිහාටුවක් එක්ක.........

උඹව මට තේරුම් ගන්න බෑ රුද්‍ර..... උඹ දන්න එකම දේ මැරෙන්ඩ තරම් ආදරේ දීලා දාලා යන්න විතරයි ........




රුද්‍රාශ්‍යප 🦚Where stories live. Discover now