නිහඩයි....හැබැයි ඒ තරම්ම ගැඹුරුයි.... නෑ මහ මුහුද ගැන නෙවේ මං මේ කියන්නෙ....සප්ත මහා සාගරේටත් වඩා ගැඹුරු ජීවී පරාන දෙකක දරන්න බැරි තරම් මූසල ඒ නිහැඩියාව ගැනයි මං මේ කියන්නෙ...
එක පැත්තකින් නිතිල්...තව පැත්තකින් රුද්‍ර.... එකෙක් මගැරුන ආදරේ වෙනුවෙන් නිහඩ කල්පනාවක ගිලිලා ඉද්දි තව එකෙක් කියා ගන්න බැරි වෙච්ච ආදරේ ගැන පසුතැවෙන ගමන් ශටර් එකෙන් එහා පේන උඩරට අඩවිය දිහා හැගීම් මැරුණ මූණු වලින් බලාගෙන උන්නා....
ඔව්...අපි මේ ආපහු කොළඹ යනවා... යන්නෙ කොහෙදවත් කියලා හරි හැටි නිනව්වක් නැතුව යන්නන් වාලෙ මහ නුවරට කඩා වැදුන නිතිලුයි මමයි ආයෙම කොළඹ යන්න පිටත් උනා...හැබැයි ආවෙ අපි දෙන්නා තනියම උනාට අපිට යන්න තවත් කෙනෙක් එකතු වෙලා හිටියා....
මට දිග හුස්මක් පිට උනා... හැමදේම වෙන්නෙ හොදටයි කියල අන්තිමේ රුද්‍රව බේරගන්න මට පුලුවන් උනා....නිතිල් මොන යම් හෝ හේතුවකට අහම්බෙන් උනත් ආවෙ හරිම තැනට වෙද්දි මොකද්දෝ වෙලාවකට ආයෙම සැරයක් මට මගේ රුද්‍රව බේරගන්න ලැබුනා...
නිතිල් එක්ක ආවත් එයාව තනිකරලා දාලා දවස් දෙකක් තිස්සෙ මං අතුරුදහන් උනත් මං ආපහු එද්දි සිද්ද උනේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් ... ඇත්තටම කීවොත් මං හොටෙල් එකට ආවෙ නිතිල්ගෙන් කන් දෙක පිරෙන්න කුණු බැනුම් අහගෙන අන්තිමට ඌ එක්ක රුද්‍රගෙ ඇත්තම කතාව කියන්න...මොකද පළවෙනිම දේ තමා ඌ මගේ හොදම යාලුව .... පෙර භවයක්වත් රුද්‍රවත් ඔය මොකටවත් කලින් මට හම්බුනේ ඌයි...මං ජීවිතේ බෙදාගත්තෙ ඌ එක්ක...එහෙව් ඌට මේ දේවල් හංගන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ ....අනිත් අතට ගත්තොත් ඌට අයිතියක් තියෙනව මේ දේවල් දැන ගන්න...
ඒත් ඌගෙම වාහනේ අරන් දවස් දෙකක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉදන් මං ආපහු හොටෙල් එකට එනකොටත් එදා මං යද්දි මේකා නිදා ගත්තු විදිහටම මූ නිදාගෙන හිටියා....ඔව් මූ දවස් දෙකක් තිස්සෙ බුදියලා....මැරිලා වගේ උන්නු නිතිලයව නැගිට්ටපු ගමන් මේ තිරිසනා මගෙන් ඇහුව එකම දේ උඹ තාම ගියෙ නැද්ද කියන එක වෙද්දි ඇත්තමයි මට ඔය කියන සංසාරගත බැදීම් පැත්තක දාලා මූව එතනම මරන්න හිතුනා...පරයා...
YOU ARE READING
රුද්‍රාශ්‍යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -