හත් දින්නත් තරු පොකුරෙ තරු හත ගණන් කරන්න හොද නෑ ලු...එහෙනම් ඇයි ඒකට හත් දින්නත් තරු කියන්නෙ...... අනේ මන්දා......" රුද්‍රගෙ වස්තුව.... උඹ මොනවද ඔය අහස දිහා බලන් කල්පනා කරන්නෙ...."
" මං කල්පනා කරන්නෙ ඇයි ඔයා මට පේන්න එන්නෙ නැත්තෙ කියල ......."
වෙලාව කීයට විතර ඇත්ද... අහසෙ හැඩ හුරුකම් බැලුවාම නම් දැන් දොළහා පහු වෙලා කියල කියන්න පුලුවන් .... මන්දාරම් නුවර...ලදුපිට...පඩියපෙලෙල්ල .... එලැත්තෑවේවල වලව්ව.... දැන් ඒ පාර කෝපිගොල්ල වෙද ගෙදර .......... ඇයි ශවිල් උඹ මාව මේ අගාධෙට තල්ලු කරලා යන්න ගියෙ......
කතාව මැද්දෙන් කෝපි කෝප්පයක් හදාන එන්නම් කියල නැන්දි ආයෙම ගේ පැත්තට ගියා වගේම මෙච්චර වෙලා මට නොපෙනී හිටපු රුද්‍ර ඇවිත් මගේ බෙල්ල අස්සෙන් මූණ ගහ ගත්තා... නෑ ..... මට තාමත් එයාව පේන්නෙ නෑ ......හැබැයි මට දැනෙනවා...එයාගෙ සුසුම් වල පවා මට අද දැනුනෙ වෙනදට වඩා මට මහ අමුත්තක් ....මං දන්නවා එයාට පවා ඕනෙ මේ දේවල් හරි ඉක්මනින් විසදෙනවා බලන්න කියන එක .....
" රුද්‍ර......"
" ම්න්......"
" මට තේරෙන් නෑ මේ දේවල් කොහොමද එකකට එකක් සම්බම්ධ වෙන්නෙ කියල රුද්‍ර...... එදා ශවිල් මගේ ජීවිතේට නොයෙන්න....එයා නොකියන්න....අඩුම තරමෙ නුවරින් එහාට පය ගහන්නවත් මං හිත හදාගන්නෙ නෑ රුද්‍ර......එහෙම නොවුනා නම් අද මට උඹත් නෑ .......
මගේ අම්මට මොකද උනේ රුද්‍ර.... ඇයි මේ දේවල් සිද්ද උනේ... රුද්‍ර........ මගෙ පුරහද..... මට හරි මහන්සී බං......මට හරි මහන්සී.....මේ දේවල් එක්ක ඔට්ටු වෙලාම මට දැන් හරි මහන්සී....."
" උඹට හොදටම විශ්වාසද මගේ හසරැල් ....මගෙ වස්තුවගෙ අම්මා මැරුනෙ නිස්කාරනේ නෙවෙයි කියන්ඩ ....උඹට විශ්වාසද....."
YOU ARE READING
රුද්‍රාශ්‍යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -