31. 🦚

98 17 20
                                    

" දැන් එතකොට උඹ කියන්නෙ.... උඹ යකෙකුට ලව්.....මට කියපන් අංගොඩද උඹව එක්ක යන්න ඕනෙ මුල්ලේරියාද.....මේ....මේ කාශ්‍යප.........මගේ මාරයා නග්ගන්න හදන්නෙ උඹ......පකෝ තොට පිස්සුද.........."

බොන්න කියල ගත්ත එක කෝපි උගුරක්වත් මගේ උගුරෙන් පල්ලෙහාට යන්න නැතුව ඇති ..... මාත් emotional damage  වෙලා  කරගත්තෙ මහ හරක් වැඩක්....

මුරුගන්ගෙ ගාව තියෙන මොණර පිහාටු දිහා බලාන මගේ රුද්‍රව පරෙස්සම් කරන්න කියල ඉල්ලපු මං ආපිට ගෙදර යන්න හැරුනා....ඒත් මං හිතන්නෙ මේ වෙලාවෙ මට තදින්ම ඕන උන කෙනෙක් කෝවිලට එන තැන පඩිය ගාව ඉදන් මා දිහාම බලාන උන්නා....

හදවත ගැඹුරටම පෑරුන මොහොතක මනුස්සයෙකුට අවශ්‍යම උණුසුම් වැළදගැනීමකටත් වඩා.....ආත්මීය වැළදගැනීමක්.... ආදරණීය ස්පර්ශයකට එහා හයියට දරාගන්න පුලුවන් අත් දෙකක්...... ඉතිං ඒ වෙනුවෙන් ආත්මයක් ආත්මයක් පාසාම මගේ ගාවින් ඉදන් මාව දරාගන්න.... නිතිල්ටත් වඩා තවත් කෙනෙක් ඉන්නවද....

අධිමාත්‍රිකව ආදරේ කරන රුද්‍රගෙ මාරාන්තික කේන්තිය ඉස්සරහා ඒ යක්ෂපරානය හැමදාමත් තෝරගත්තෙ මාව දාලා යන එක.....ඒත් අද වෙනකල් මොන දේ සිද්ද උනත් තමන්ගෙ ජීවිතේ ඉන්න වටින දේවල් පවා අතැරලා දාලා මාවම හොයාගෙන එන...මං වෙනුවෙන්ම ඉන්න එකම කෙනා එයා විතරයි  ....ඒ නිතිල් විතරයි ...... ඌ මෙතනට මාව හොයන් ආවෙ කොහොමද කියන්න මං දන් නෑ ......හැබැයි ඒ ඇස් වල තියෙන බැල්මෙන් මට කියන්න පුලුවන් .... ඌට දැනිලා මං ඉන්නෙ අවුලෙන් කියල ......

" ඒ දේවල් වෙලා ඉවරයි කාශ්‍යප...... යමන් මට කතා කරන්න ඕනෙ ......."

එළිවෙන ටිකට කුණුහර්ප දාහක් කියල මැසේජ් එවපු සාප කරපු එකාම තමා මේ ඉන්නෙ...... අතුරුදහන් වෙලා ආයෙම මතු වෙනකොට ජාතකේ ඉදන් අමතන එකා අද මාව උගේ හයිය අත් ගොබ අස්සට පොඩි එකෙක් හා සමානව තුරුල් කරගෙන මගේ ඔලුව අත ගෑවා.......

මාව මටත් වඩා හොදට තේරුම් ගන්න එකා තමයි ඌ...... නිතිල් මට වචනයක් වත් කීවෙ නෑ ..... මට බැන්නෙත් නෑ ....... අහම්බෙන් මගේ කාර් එක දැකලා ඌ මාව කෝවිල ගාවට එනකල් ෆලෝ කරන් ඇවිත් ......ඒත් මට මගේ හිත නිදහස් කරගන්න දීලා ඌ බලාන ඉදලා.....

රුද්‍රාශ්‍යප 🦚Where stories live. Discover now