18. 🦚

355 54 16
                                    


මුරුගන්ගෙ කෝවිලේ මං වෙනුවෙන් බලන් උන්නෙ රුද්‍ර......එතකොට කවුද කැළණියෙ පන්සලේ මං වෙනුවෙන් බලන් ඉන්නෙ.........

දවසින් දවස මොහොතින් මොහොත මගේ ඔලුව හොදටෝම අවුල් වෙනවා... රුද්‍ර ඇරෙන්න තව කවුද ඉන්නෙ මං වෙනුවෙන් බලාගෙන....

පත්තුව බැදපු කකුලෙ ඇම්ම ටිකෙන් ටික අඩුවේගෙන යනවා දැනුනත් හරියට කෑමක් බීමක් නැති හන්දම දුර්වල වෙලා උන්න හන්දමද කොහෙද නැගිටගන්නවත් පනක් නැති වෙච්ච මං තාමත් ඇද උඩ දිගෑදිලා කල්පනා ලෝකෙක උන්නා...

" මොකද මිනිහො කකුලට උනේ .... ඈ බොල හසරැල් ...

ආ ඔය ආවෙ...දැන් තමා මතක් වෙලා තියෙන්නෙ මිනිහෙක් ඉන්නවා පවුලක් පන්සලක් තියෙනවයි කියල මේ යකාට.... දවාලෙ කන ගාව කොදුරලා නොපෙනිම ඇවිත් නොපෙනිම ගිය රුද්‍රයා රෑ එකොලහේ කනිසම වදිනකොට මගේ ගාවින් මතු උනා...හැබැයි ඒකගෙ මූණ මගෙ කකුල දැකලා දෙල් වෙලා ගියා.... අනේ උඹේ බොරු ආදරේ රුද්‍ර....

" ඇනුනා..."

" ඇනුනා..මොන මගුලෙද ඇනුනෙ....තෝ කොහෙද ඇනගන්න ගියෙ...."

" ඇන ගන්නද...ඇන ගන්න ගියෙ හාඩ්වෙයාර් එකට....ඇයි මගුල උඹට පේන් නැද්ද මගෙ කකුල තුවාල වෙලා කියන්න.... ඇයි උඹ පොට්ටද....."

" තොට....තොට....මට තොගෙ ඔය වරෙත්තු කට කඩන්ඩ හිතයි ඈ බොල....මං අහන්නෙ තොට සිහි නැද්ද....උඩ බලන්ද තෝ ඇවිදින්නෙ...."

" ඔව් මං උඩ බලන් ඇවිදින්නෙ ...අහසෙ උඹ පියාඹනවද කියල බල බල...ඒකනෙ මෙහෙම උනේ ...හහ් ...අනික ඉතිං ... මට මොක උනත් උඹ දන්නවද....මැරිලා ගියම්ම්.....බ්බ්ම්ම්ම්....ර්....ර්.රු...කැහ්.....මොනෝත්තක්ද යකෝ කරන්නෙ හුස්ම.......

" බලන්ඩ කියපන් මැරෙනවා කියල ....මැරෙනවා නෙවෙ මං තෝ මරනවා හසරැල් !!!!

එන ඒමටම මට බැනගෙන ආව රුද්‍ර එක්ක වචන වලින් කා කොටා ගත්ත මං තරහටම මැරුනත් ඔච්චර තමා කියල කියන්න කට ගත්තා විතරයි මේකා පැනපු ගමන් කැත නැතුව මගෙ කට හැපුවනෙ...නෑ හාදුවක් නෙවේ ඒක...ඒක තනිකරම සපා කෑමක්....හරියට අර කුරුමානම් අල්ලන කොටියෙක් අහිංසක මුවෙකුගෙ ඇගට පැනලා මාංසෙ ඉරාගන්නෙ ...අන්න ඒ වගේ.... වෙනදට මෘදු හාදු තියෙන තොල්ම අද රුද්‍රගෙ ආවේගෙන් ඉරිලා ලේ රහ දැනෙනකොට මං හුස්ම හිර කරන් කෑගැහුවා....

රුද්‍රාශ්‍යප 🦚Where stories live. Discover now