"මං දන්නෙ නෑ කාශ්‍යප ...දැන් එහෙට මොනවා වෙලාද කියල නම්....ඒත් මේ කතාව කියන්න නම් ඒ තැන ගැන නොකියා බෑ ....මොකද ඔයාට අහන්න ඕන ඔයාගෙ අම්මගෙ මගෙ කතාව පටන් ගන්නෙ එලැත්තෑවේවලින් නෙවේ...."
"එහෙනම්......"
"කෝපිගොල්ල වෙද ගෙදරින්...."
වෙද ගෙදරක්...? මන්දාරම් නුවර ගැන මට අනුසරා සෑහෙන්න විස්තර කීවනෙ...ඒත් කොහෙද වෙදගෙදරක් තිබ්බෙ....
අනුසරා කීව මන්දාරම්ගමේ වාසදේසෙ ආපහු පාරක් කල්පනා කරන ගමන් මං නැන්දා දිහා බලාගෙන උන්නා...ඒ ඇස් කියාගන්න බැරි තරම් මහ අමුතුම හැගීමකින් පිරිලා...මං දන් නෑ මේ කතාවෙන් මට හොදක් උනත් නැන්දට හොදක් වෙයිද කියන්න නම්....මොකද...මං කරන්නෙ ගෙවිලා ඉවර වෙච්ච අතීත කතාවක් කන් දෙකෙන් අහන එක උනාට...එයා කරන්නෙ සුන්දර හෝ වේවා අසුන්දර හෝ වේවා ඇස් පනා පිට අත්විදපු කතාවක් මං ඉස්සරහා දිගාරින එක....ඉතිං අහන මට කෙසේ වෙතත් මතක පෑරෙන එයාට මේක අනිවාර්යයෙන්ම වේදනාවක් .......
" ඔව්....වලව්වට යන පාර අයිනෙන් තමා කෝපිගොල්ල වෙද ගෙදරට යන පාර තියෙන්නෙ.... ඒ හරිය තනිකරම කෝපි මල් සුවදයි....."
" එතකොට ඒ සුවද පදුරු ජාතිය.........??? කෝපි මල් ද ???........"
" සුවද පදුරු .....තාමත් ඒ හරිය කෝපි මල් සුවදද කාශ්‍යප ......?"
මන්දා දැන් නම් මගේ පපුවත් රිදෙනවා ....අනේ ඒ ඇස් ....හරියට අවුරුදු දාහතේ දහාටේ පොඩි කෙල්ලෙකුට තමන්ගෙ ක්‍රශ් එක ගැන කියනවා වගේ...තාමත් ඒ පලාතම කෝපි මල් සුවදයි කියල අහද්දි නැන්දිගෙ ඇස් දෙකේ සතුට උතුරනවා....අනේ දෙවියනේ ....මේ කාලෙකට කලින් මොන තරම් සතුටින් ජීවත් උන මිනිස්සු වෙන්න ඇති ද...
" හ්ම්ම්ම්...ඔව්...තාමත් ඒ පාර දිගටම හරි සුවදයි....මං කලින් දැනන් හිටියෙ නෑ ඒ කෝපි මල් කියල ......ඒ නිසා සුවද පදුරු කියල කීව්වෙ......ඒක නෙවේ නැන්දි.... මං දෙයක් අහන්නද....
මේ කතාව මං අහන්නෙ මගේ අම්මට මොකද්ද උනේ කියන එක ගැන පොඩි හරි හෝඩුවාවක් හොයා ගන්න තියෙන උවමනාවට....මං ආවෙත් ගොඩක්ම ඒකට....අනිත් දේ තමා ...මට නැන්දිට වෙච්ච දේ දැන ගන්න ඕනෙ .....ඒත් මේ ඔක්කොටම කලින්...මට කියන්න ....නැන්දිට විශ්වාසද මේ කතාව කියන්න පුලුවන් කියල .......මං අහන්නෙ.... මොන දේ උනත් මතක පෑරෙද්දි සෑහෙන්න රිදෙනවා .....මං ඒක අත්දැකීමෙන්ම දන්නවා...ඒ නිසා...............
YOU ARE READING
රුද්රාශ්යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -