මේ යකා හින්දා ලගදිම නහරයක් ගහල යනවා...ඇයි මගුල එකපාරටම ඔහොම මතු වෙනවද....ඒ මතු උනත් කමන් නෑ මූ නිකන් අර පොඩි එකෙක් පිටිපස්සෙන් ඇවිත් බය කරනවා වගේනෙ... ඇගට පනින්නෙ බොහ් ගාලා...
" මගෙ වස්තුව මොනාද ඔච්චර කල්පනා කරන්නෙ ම්න්...."
" රුද්‍ර....ඔයා කීවා නේද මට උදව් කරන්නම් කියල ..."
" දැන් මොකද්ද උඹට වෙන්න ඕනෙ මගෙන්..."
" ම්ම්ම්....මට අර වහලා දාලා තියෙන කාමරේට යන්න ඕනෙ .... ඔයාට පුලුවන් ද මාවත් අරන් ඒ කාමරේ ඇතුලෙන්........................."
මං රුද්‍රගෙන් උදව් ඉල්ලුවා...චූටි නැන්දගෙ වහලා දාලා තියෙන කාමරෙන් මොනාම හරි දෙයක් හොයාගන්න පුලුවන් වෙයි කියල හිතුන මං අගුළු දාලා තියෙන කාමරේ ඇතුලට යන්න මගේ යකා මහත්තයගෙන් උදව් ඉල්ලුවා...ඒත් මෙකා මහ එපා කරපු යකෙක් කියන්නෙ නිකන්ද.... මට ඒක කියල කට ගන්න උනේ නෑ .....මගේ අතින් ඇදගත්ත රුද්‍ර එකපාරටම මාවත් අරන් අතුරුදහන් වුනා....
"රුද්‍රහ්.......මොන මගුලද කරන්නෙ යකෝ ... කියනකල් වත් හිටියෙ නෑ හුත්ත ....පේන්නෙත් නෑ මුකුත් ......"
" ඉතිං උඹනෙ කීවෙ මේක අස්සෙන් මතු වෙමු කියල ..."
" කෑගහන්න එපා යකෝ......හෙමීට කියපන්.... මෙතන ෆෝන් එකවත් ගන්නකල් හිටියෙ නෑ නෙ උඹ .... අනේ යකෝ තොට.....තොට මට එනවා කියන්න ජාති අම්මපා......"
" බෙරිහන් දෙන්නෙ ඇයි මිනිහො ඔහොම ...තෝ දැන් මට මෙතන හුම් කියන්නවත් එපා කියල කට බලියගෙන බෙරිහන් දුන්නම හරි ද....තොට පිස්සුද හසරැල්.........."
මට එන කේන්තිය...... කලුවර හන්දා ඉවසනවා මිසක නැත්තම් මං අද මේ යකාගෙ දත් ඇන්ද ගලවනවා ඇත්තමයි..... මූ එක්ක මට එන කේන්තියක් අම්මපා.....
මං උන්නෙ තාමත් රුද්‍රගෙ අතින් අල්ලගෙන.....චූටි නැන්දා පාවිච්චි කරපු කාමරේ ඇතුලෙන් මතු උන අපි දෙන්නම කට්ට කලුවර අන්ධකාරෙ කරකියා ගන්න දෙයක් නැතුව එකාට එකා කා ගත්තා.....මං මූගෙන් ඇහුවෙ එක්ක යන්න පුලුවන් ද කියල විතරයි ....එක්ක යන්න කියල නෙවේ.... මේ යක්සයගෙ කඩි කුලප්පුව කොච්චර ද කීවොත් කියන්නවත් නොදී මේකා මාවත් අරන් මේ මගුල අස්සෙන් මතු උනා...
YOU ARE READING
රුද්‍රාශ්‍යප 🦚
Non-Fictionආදරෙයි , රුද්‍රගෙ වස්තුවට....!! ♡ Start - 20.04.2024 End -