මේ ලෝකයේ විවිදාකාරයෙ සත්වයින් ජීවත් වෙනවා.
නූතන මනුශ්‍ය ජීවියා විසින් විවිදාකාර ජීව විද්‍යාත්මක පදනම් මත වර්ගීකරණයට ලක් කල සත්වයින්. එහෙත්, මනුශ්‍ය ජීවින් කෙතරම් සූක්ෂම ලෙස ඔවුන්ගෙ වර්ගීකරණය සිද්ද කලත් ,
මේ සියලු බෙදීම් ඉක්මවා යන ඒකීය නැවතීමේ සලකුණක් ඔවුන්ගෙ ගමනාන්තයෙදි නැවතත් ඔවුනට මුනගැහෙනවා.In this play there is a predator and a prey- one survives, but the other one does not.
_____________________________________
යෝද සැතපුම් ගනනක් ඉදිරියට ඇදෙන Black hills පයින් වනය, පුරාණ පයින් ගස් සිය දහස් ගනනකගේ සෙවනැලි යට ගුප්ත අන්ධකාරයකින් වෙලී ගිහිල්ලා. වනය තුලට වැටෙන හිරු එලිය අහස උසට නැගි පයින් ගස් වියන මගින් ගිල ගන්නවා.ඝන සුදු මීදුම් පටල ෆැන්ටම් සර්පයින් මෙන් පයින් අතු මතින් රිංගමින් පයින් කඳන් වටා දඟරමින් පැතිර යනවා.දවසේ ආලෝකමත්ම හෝරා වලදි පවා Black hills වනය සදාකාලික සීතල අන්ධකාරයෙන් වැසී ගොස් තිබෙනවා.
පොලව පුරා තැනින් තැන උඩට මතු වුන ගොරෝසු මුල්, තද කොල පැහැ ගත්ත ලිස්සන පාසි, කදන් මතින් ඉදිරියට නෙරා ආපු කටු උල්, වනය තුල ඉදිරියට ඇදෙන පියවරක් පාසා එක දෙයක් එය තුලින් කෑමොර දෙමින් හඩ නැගුවා.
සීතල අන්ධකාරය.
අදුරු වනය මැද පිහිටි වතුර වලකින් වතුර බොමින් හිටියෙ මුව පැටවෙක්. පහලට නැවිලා වතුර බොන මුව පැටවාට තවම අවබෝධයක් නැහැ තමන් වෙත යොමු වෙන ලේ රත් පැහැ ගත් දෑස් යුගල පිලිබදව.
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?