Chapter 06

1.3K 262 111
                                    


පහලට කඩාහැලෙන බර, වෙල්වට් තිර අතරින් අඳුරු කුටිය තුලට ආලෝකය ගලාගෙන එනවා. අන්දකාරය ගිලගන්නා ආලෝකය තද නින්දෙහි ගිලී ඉන්න විවියන්ගෙ ඇසි පියන් මතට තට්ටු කරනවා.ඔහු සෙමින් ඇසි පිය ගැහුවා.නමුත් තවමත් විවියන්ගෙ මනස අඩ නින්දක.

ඔහු වටා පරිසරය කෙමෙන් කෙමෙන් චායාවන් අතරින් පැහැදිලිව පෙනෙන්න පටන් ගනිද්දි ඇද මත කෙලින් වුන විවියන් නලල පිරිමදිමින් එහි හිදගත්තා. එය විවියන්ට නුහුරු නිදන කුටියක්. ශැඩෝ හෙවන්හි විවියන් ට ලැබුන නිදන කුටියට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්ත මේ නිදන කුටියට තමන් පැමිනියේ කෙසේද වග විවියන් දැනන් හිටියේ නැහැ.

නිදිබර මනස ටිකෙන් ටික නින්දෙන් අවදි වෙන්න පටන් ගනිද්දි හාත්පස පරිසරයේ පවතින නුහුරු බවට විවියන්ගෙ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. පෙර දා රාත්‍රියේ මතකයන් එම බීතිය දෙගුන තෙගුන කරවන අදුරු සෙවනැලි බවට පත් වෙලා.මහාචාර්‍ය තුමන් ඔහුව අදුරු කුටියේ තනිකර යන්න ගිය ආකාරයත් අදුරේදි ඔහුට ඇසෙන්න ගත් එම භයංකාර හඩවල හඩත් විවියන්ගෙ සිහිය කෙමෙන් කෙමෙන් ඔහුගෙන් උදුරගත්තා. ජීවිතයේ අවසන් හුස්ම දක්වා එම රාතිය විවියන්ගෙ නින්ද සොරාගන්නා බවට නොඅනුමානයි.

කුටිය පුරා දෑස් ගෙනියපු විවියන්ගෙ දෑසෙ කලු ඉංගිරියාව සාමාන්‍ය ප්‍රමාණය ටත් වඩා මිලි දශම ප්‍රමාණයකින් විසල් වෙලා.නිහඩ කුටියෙ අදුරු මුල්ලක කෙලවරෙහි සිටගෙන සිටින සෙවනැල්ලක් ඔහු දිහා බලන් ඉන්නවා. ඔහුගෙ දෑස් සිරුර තුල ගලා යන රක්ත රුදිරයේ පැහැයට සමානයි.

"මහාචාර්‍යතුමනි."

විවියන් ලගට ටිකෙන් ටික ලං වෙන ඩේමියන් දිහා බලන් විවියන් වෙවුලන හඩින් කතාකලා නමුත් නැහැ විවියන් ට ඩේමියන් ගෙන් පිලිතුරක්. නිහඩ කුටිය පුරා දෝංකාර දෙමින් ඇසෙන්නෙ විවියන් ට ටිකෙන් ටික ලං වෙන ඩේමියන්ගෙ අඩි හඩ පමනයි. පෙර දා රාත්‍රියේ මහාචාර්යතුමා තමන් ඉදිරියෙ හැසිරුනු ආකාරය විවියන්ගෙ මනසේ ලැගුම් ගෙන.

ඩේමියන් විවියන් ට ලං වෙන්න ඉදිරියට තියන අඩියක් පාසා ඇද මත පසුපසට අත තියමින් වෙවුලමින් විවියන් බඩගානවා. විවියන් ට තවත් පසුපසට යන්න නොහැකි. මහාචාර්යතුමන්ගෙන් ඈතට යාහැකි උපරිම දුර ඇද මත ඔහු ගමන් කරලා.

LIMERENCE (Non-Fic)Where stories live. Discover now