Chapter 03

1.4K 280 114
                                    

Chapter 2 එක පාන්දර දැන්මා අප්ඩේට් ගියෙ නැහැ. ඒක බලලා මේක කියවන්න.
___________________________________

එය අන්ධකාරයේ හදවත මධ්‍යයෙ පිහිටි නිදන කුටියක්, ශැඩෝහේවන් බලකොටුවෙ අදුරුතම කොරිඩෝව කෙලවරෙහි පිහිටි මෙම කුටියෙ බිත්ති ඝන අදුරු වර්ණයකින් වර්ණ ගන්වා තිබුනා. බලකොටුවේ සිවුවන මහල වෙන්ව තිබුනේ නේවාසික ශිශ්‍යයන් වෙනුවෙන් නමුත්, පුදුමයකට මෙම ශිශ්‍ය කුටිය පිහිටා තිබුනේ බලකොටුවේ හයවෙනි මහලේ.


 බලකොටුවේ සිවුවන මහල වෙන්ව තිබුනේ නේවාසික ශිශ්‍යයන් වෙනුවෙන් නමුත්,  පුදුමයකට මෙම ශිශ්‍ය කුටිය පිහිටා තිබුනේ බලකොටුවේ හයවෙනි මහලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



කුටියෙ පර්‍යන්තයේ ඕක් ලීයෙන් නිර්මාණය කල දැවැන්ත යහනක්. එහි ලී රාමුව ඉතා සංකීර්ණ සංකේතවලින් කැටයම් කර තිබුනා. පොත් මේසයක් , කැඩපතක්  සහ වැනිටි මේසයක්, ඇදුම් අල්මාරියක් පමනක් එකතු කර නිමවා තිබුන  මෙම අන්ධකාර කුටියෙහි  සම්පූර්ණ ආධිපත්‍යය මෙම දැවැන්ත යහන මගින් දිනාගත්තා.  යහන  වට කරමින් පහලට එල්ලෙන සුදු නෙට් තිර රෙදි එහි  ආකර්ශනීය බව තව තවත් වැඩි කලා.

විසිතුරු ලීයක කැටයම් සැකිල්ලකට බද්ද කර නිර්මාණය කර තිබුනු කැඩපතට යාබදව ජිහිටි කුඩා වැනිටි මේසයේ  විවිදාකාරයෙ සුවඳ විලවුන් වර්ග රාශියක් තිබුනා, සෑම බෝතලයකටම ආවේනික වූ සුවද පිලිබද ලේබලයක් එම බෝතල් මත අලවා තිබුනා. නමුත් කිසිම පුද්ගලයෙක් විසින් එම සුවද විලවුන් භාවිතා කර ඇති කියා සිතන්නට හැකි සලකුනක් එම බෝතල් මත සටහන් වෙලා තිබුනේ නැහැ.

කුටියේ බිත්ති මත තැනින් තැන පැරණි පින්තාරු කිහිපයක්ද එල්ලා තිබුනා, ඒ හැම පින්තාරුවක්ම ඉතා සංයමයෙන් වර්ණ ගන්වා විශිශ්ට ලෙස අවසන් කර තිබුනත් පුදුමයකට එම එකම පින්තාරුවකවත් ඇදි රූපයන්හි මුහුන පැහැදිලිව පෙනෙන්න තිබුනෙ නැහැ.

LIMERENCE (Non-Fic)Where stories live. Discover now