PS: කොට චැප්ටර් එකක්😵💫😬🍂🖤🐺
විවියන්ගෙ වෘකයා- ඈශ් (නම් දෙක මාරුවෙන් මාරුවට ඇති)
ඩේමියන්ගෙ වෘකයා - ජේක්
-------------------------------------------------------------අදුරු Blackhill වනාන්තරයේ දඩයමේ නර්තනයෙ යෙදෙන විවියන්ගෙ හිම- සුදු ලොම් , වනාන්තයෙ පැරණි ගස් අතරින් වැටෙන හඳ එලිය යට දීප්තිමත් සිල්වර් පැහැයකින් දිලිසෙනවා. ඔමේගා වෘකයාගෙ ශක්තිමත් මාංශ පේශි අදුර කපාගෙන හුලගෙ වේගයෙන් ඉදිරියට ඇදෙනවා.
මනුස්ස අර්ධ ආත්මය සතු සංවේදන පරාජය කරමින් ඉහල යන වෘකයාගෙ සංවේදනයන්ට ගහකින් වැටෙන කොළයක හඩ පවා ඉතා හොදින් ඇහෙනවා. හැම කොල පොඩි වෙන හඩක්ම තමාගෙ වේගයට බිදී යන හැම අත්තක හඩක්ම සහ වාතයෙ පවතින හැම සුවඳක්ම.
විවියන්ගෙ දම් පැහැති තියුනු ඇස් වනාන්තරය පිලිබද තියුනු ඉවකින් ගමන් කරනවා. විලෝපිකයාගෙ පැමිනීමත් එක්ක කුඩා සතුන් වනාන්තරයෙ අදුරු සෙවනැලි යට සැගව ගිහින්. විලෝපික දඩයමෙ නර්තනයට බියෙන් හදවත් ගැහෙන ඔවුන්ගෙ ස්පන්ධනයෙන් වනාන්තරයට බියකරු ජීවමාන බවක් ලැබී තියනවා.
මහචාර්‍ය ඒඩ්‍රියන් කීවාත් වගේම වනාන්තරයෙ පුරාණ ආත්මය විවියන්ගෙ නහරා හරහා ගමන් කරන දැනීම ඔහුට දැනෙනවා. එම වැලදගැනීමෙ බැදීම තවමත් පැහැදිලිව තේරුම් ගන්න විවියන්ගෙ කුඩා වෘකයා සෑහීමත් නැහැ.
ඉදිරියට ඇදෙන විවියන්ගෙ වෘකයාගෙ ඇස හදිසියෙම ගැටෙන අදුරෙ සිදුවන කුඩා චලනයක්. ඈශ් වේගයෙන් හුස්ම අල්ලනවා. වනාන්තරයෙ සිදුවෙන සියලුම චලයන් වගේම සුවදවල් නහයට දැනෙන ඈශ් ඔහුගෙ ඇස ගැටුන චලනයෙ නියමාකාර ගොදුරෙ ඉව වෙන් කරලා හදුනගන්න උත්සහ කරනවා.
ඔවුන් හුදෙක් වෘකයන් පමණක් නොවෙයි, ඔවුන් අර්ධ වෘකයන් , දඩයක්කාරයන්, ස්වභාවධර්මයේ පුරාණ රිද්මයට බැඳී ජීවත් වෙන්න දිවුරුම් දුන්න මානව ගණනයන්හි පැවැත්මට ඇදහිය නොහැකි ජීවින් කොට්ටාශයක් .
නමුත් මනුශ්‍යයින් අතර ජීවත් වුන විවියන් තවමත් ඔහුගෙ නියමාකාර වෘක ආත්මය වැලදගෙන නැහැ. නියපොතු විහිදන් ගොදුර වෙතට ඈශ් වේගයෙන් කඩාගෙන පැන්නත් ඒ වෙද්දිත් වෘකයාගෙ පැමිනිම ගොදුර විසින් දැනගෙන හිටියා. මේ වන විටත් විවියන්ගෙ පලමු ගොදුර ඔහුගෙන් ඈතට පලා ගිහින් අදුරෙ සැගවිලා අවසානයි.
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?