CHAPTER 001

594 108 58
                                    

මේක බලන්න අනිවාර්යයෙන්🖤


Vote goal 100
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එය පුර හදෙහි සීතල රිදී ආලෝකයෙන් අදුරු වනාන්තරය නැහැවුන රාත්‍රියක්. පෞරාණික යෝධ කුළුණු ගස්, නිශ්ශබ්ද මුරකරුවන් මෙන් නිශ්චලත්වයෙ නින්දට වැටී සිටිය හෝරාවක්, නිශාචර ජීවීන්ගේ සුපුරුදු ශබ්දය හැරෙන්න ගෙවී යන තත්පරයක් පාසා අදුරු වනාන්තරය අතිශය නිශ්ශබ්ද වුනා. හාත්පස ලෝකයම හුස්ම හිරකරගෙන වනාන්තරයෙ මේ දැන් සිදුවීමට යන එක්තරා මුනගැහීමක් බලාපොරොත්තුවෙන් මග බලාගෙන සිටියා.

නමුත් හදිසියෙම වනාන්තරය පුරා පැවති දරුනු නිශ්ශබ්දතාවයෙ හඩ පිරිමි ලමුන් පස්දෙනෙකුගෙ දඟකාර සිනහහඩින් බිදී ගියා. වනාන්තරයෙ ඈත කෙලවරින් ඇසුන ඔවුන්ගෙ සිනා හඩට නිසොල්මනෙ පැවති අදුරු වටපිටාව දැන් දැන් ජීවමාන සැනකෙලියක් බවට වෙස් පෙරලන්න පටන්ගෙන. ගස් අතු මත නින්දට වැටීසිටිය කුරුල්ලන් කලබලයෙන් ඉහල ආකාසය වෙත පියාසර කලා.

අදුරු වනාන්තරය මැදින් ඉදිරියට දිව එන පිරිමි ලමුන්ගෙ දෙපා මතට කුඩා අතු ඉති බිදී යද්දි ඔවුන් පසුපසින් කලු ලොමෙන් වැහුන රතු ඇස් මෘගයෙක් හඹා එමින් හිටියා.නමුත් රාත්‍රි සිසිල් වාතය කපාගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන ලමුන්ගෙ මුහුන වල දැන් දැන් ඔවුන් වෙත ලං වෙන රුදුරු මෘගයා පිලිබද කැලබීමක් හෝ බියක් පෙනෙන්න තිබුනෙ නැහැ. ඒ වෙනුවට හාස්‍යජනක සිනහව පිරුනු බැල්මන් එකිනෙකා අතරෙ  හුවමාරු කර ගත්ත පිරිමි ලමුන් එකිනෙකා දිහා බලන් ඔවුනොවුන්ට හිසෙන් සංඤා කලා.

ඔවුන් එකිනෙකාට වෙන් වුන වෙනස් මාර්ගයන් පහක බෙදී වනාන්තරයෙ ගස් අතු පතරින් දිව යද්දි ඔවුන් අතරින් එක් පිරිමි ළමයෙක් බිදී වැටුන විශාල කඳකට උඩින් පනිමින්  මොහොතක් නතර වෙමින් තම උරහිසට උඩින් ඉක්මන් බැල්මෙන් පසුපස බැලුවා.

ඔහුට පිටුපසින් වම් පසින් දුවමින් එන රතු කෙස් පිරිමි ලමයා දිශාවට තම අතේ තියන රිදී පැහැ බිත්තරය විසික් කල ඔහු වීරක්‍රියාවක් කලාක් මෙන් මුහුනට වැටුන කලු හිස කෙස් අතින් පසුපසට පීරුවා. මේ තරම් වෙලාවක් කලු කෙස් පිරිමි ලමයා පසුපසින් පන්නමින් හිටිය මෘගයා  රතු කෙස් පිරිමි ලමය පසුපසින් හබා යන්න පටන් ගත්තෙ ගස් අතු මතින් පනිමින් ඔහු සිනහවෙමින් මෘගයාගෙන් ඈතට දිව යද්දි.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 02 ⏰

Add this story to your Library to get notified about new parts!

LIMERENCE (Non-Fic)Where stories live. Discover now