Previous chapter
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~"ඒක ටිකක් අමාරුයි ඒත්, මේ පාර හවුල්ස්ටෝම් තරඟයෙන් අපිට සෙරෆිනා නිවාසය දිනවන්න අවස්ථාවක් තියෙනවා.අපි උත්සහ කලොත් ඒක කරන්න බැරි වෙන එකක් නෑ."
ටෙඩ්‍රොස්, නෝවා, විවියන් වගේම ජෝශ් පන්ති කාමරයේ ඔවුන්ගේ සුපුරුදු ස්ථානවල වාඩි වෙලා හිටියා, තම මිතුරන් වට කරගෙන දීර්ඝ දිරිගැන්වීමෙ කතාවක් කරන නෝවා දිහා බලන් ජෝශ්, ඩේවිඩ්සන් උනන්දුවෙන් එකම වෙලාවෙ හිස වැනුවත් නෝවාගෙ කුඩා වුන ඇස් ගමන් කලේ ඔවුන් දෙදෙනාට එහායින් අසුන්ගෙන ඉන්න වෙනත් පුද්ගලයෙක් දිහාවට.
"ටෙඩ්‍රෝස් වින්ටර්ෆීල්ඩ් ඔය මේසෙට තට්ටු දාන එක නවත්‍තනවා... තමුන් අවධානෙන් නෙවෙයි ඉන්නෙ !!!"
පුටුවේ හරස් අතට වැතිරිලා එක කකුලක් පිට අනෙක් කකුල දාගෙන කම්මැලි බැල්මෙන් මේසයට තට්ටු දාන ටේඩ්‍රෝස් නෝවාගෙ හදිසි සද්දෙට ගැස්සිලා ගියා. ඇස් කරකවමින් දිග ඈනූමක් පිට කරමින් බංකුව මත හරි බරි ගැහෙමින් ඉදගන්න ටෙඩ්‍රෝස් දිහා ජෝශ් , ඩේවිඩ්සන් බලන් හිටියේ කට කොණක සිනහවක් රදවගනිමින්.
"නෝවා, දැන්වත් දවල් හීන දකින එක නවත්තනවා!! මෙතන ඉන්න හැම කෙනෙක්ටම තමුන්ට වගේ මෝඩ තරඟාවලියක් දිනන්න පිස්සුවක් නැහැ" පපුවට උඩින් දෑත් හරහට බැදගනිමින් ටෙඩ්‍රෝස් ඕනෙවට එපාවට කියද්දි නෝවාගෙ මුහුන තරහෙන් රතු පාටට හැරුනා.
'මොලේ නැති වෘකයා'
කුඩා හඩින් තමන්ට විතරක් ඇහෙන්න මුමුනගත්ත නෝවා හිත යටින් ටෙඩ්‍රෝස්ගෙ ඝාතනය සැලසුම් කලත් ලා හිනාවක් තොල් අග ඇදෙන නෝවා දිහා බලන් ඉන්න ටෙඩ්‍රෝස්ගෙ නලල රැලි ගැහිලා ගියේ නෝවාගෙ හදිසි හිනාවෙ තේරුම හරියටම නොදන්න නිසා. ටෙඩ්‍රෝස් ආයෙම වතාවක් උගුර පාදලා බංකුවෙ හරි බරි ගැහිලා ඉදගත්තෙ තවත් වැදගත් කතාවක් කියන්න සැරසෙනවා වගෙ රගපාමින්. ඒත් ටෙඩ්‍රෝස් කතාවට මුල පුරන්නත් කලියෙන් ඔහුගෙ උත්සහය ගණනකටවත් නොගත්ත නෝවා ඩේවිඩ්සන් දිහාවට හැරිලා අහක බලාගත්තා.
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?