Chapter 02

2.3K 315 279
                                    

Ps: Chapter 01 එකෙ හිටිය ඩේමියන් මහචාර්‍යතුමන්ව ඒඩ්‍රියන් කලා.

Ps: Chapter 01 එකෙ හිටිය ඩේමියන් මහචාර්‍යතුමන්ව ඒඩ්‍රියන් කලා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.




Shadowhaven castle එහෙමත් නැති නම් ශැඩෝහේවන් උසස් පාසල. මෙය පිහිටා තිබුනේ black hill වනාන්තරයේ දකුනු දේශ සීමාවට යාබදව. පෞරාණික සර්පන්ටයින් ගලින් නිමවුනු උස් තාප්ප හතරක් වට කරමින් ඉදිකෙරුනු මෙම මහා බලකොටුවට ඇතුල් වීමට නම් එහි ඉදිරිපස ඉදිකෙරුනු යෝධ ඔබ්සිඩියන් ගේට්ටු යුගල එම පැමිනෙන අමුත්තාට ස්ව කැමැත්තෙන් විවෘත විය යුතුයි .

මෙම ගේට්ටු සාමාන්‍ය මිනිස් ලෝකයෙදි ඇසට දකින්න නොලැබෙන මිථ්‍යා සතුන්ගෙ හැඩ රුව ගත් සංකීර්ණ කැටයම් කිහිපයකින් අලංකෘත කර තිබුනා.තද  කළුවර පැහැයක් ගත් යෝධ ගේට්ටු යුගලයේ දකුනු පසින් සද්දන්නත හැඩගත් වෘකයෙකුගේ ශෛලමය මූර්තියක්ද නිමවලා තිබුනා .

මතුපිටින් බලන ඇසකට එය වශීකෘත හැඩගත් විශිශ්ට නිර්මානයක් වුනත් බලකොටුවට ඇතුලු වෙන මොහොතේදි මෙම ශෛලම මූර්ති‍ය නෙත ගැටුනු විවියන්ගෙ හිතේ ඇතිවුනේ ඊට සම්පූර්නයෙන්ම පරස් පර විරෝධී වුන හැගීමක්. තද රතු පාටින් දිදුලන මැනික් ගල් ඔබවපු වෘක දෑස් විවියන්ගෙ ආත්මයට රිංගමින් ඔහුගෙ මනස පුරා සැරිසරමින් ඇවිද යන්නාක් මෙන් හැගීමක් දැනුනා.

යෝධ ගේට්ටු යුගල පපාගෙ වාහනයට විවෘත වී නැවත වැසී යන දිහා විවියන් බලන් හිටියා. තමන්ගෙ සම්පූර්ණ ජීවිතයේ ගෙවුනු අවුරුදු දාහතක කාලයක් නිවසින් පිට එකම රාත්‍රියක්වත් ඔහු ගත කරලා තිබුනේ නැහැ.නමුත් හදිසියෙම සිද්ද වුන මෙම වෙනස් කම් වලට විවියන් දැන් හුරු විය යුතුයි. නැවත පාසල් නිවාඩුවක් ලැබෙනකන් විවියන්ට පපාව දකින්න ලැබෙන එකක් නැහැ.

LIMERENCE (Non-Fic)Wo Geschichten leben. Entdecke jetzt