Chapter 14

1.3K 199 217
                                    



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉහල වාතයට  උල් කන්  ඔසවමින් රාත්‍රී හඩට සවන් දෙන ජෝශ්ගෙ ඇස් කුඩා වෙන්නෙ  රාත්‍රි හුලගත් එක්ක මුහුවෙමින් පයට පෑගි යන වියලී ගිය කොළ හඩක අඩි ශබ්දයක් ඇහෙද්දි. ගෙවෙන තත්පරයක් පාසා ක්‍රම ක්‍රමයෙන් ජෝශ්, විවියන් වෙත එම හඩ ලං වෙනවා. පැමිනෙන්නෙ කවුරුන් වුනත් ඔවුන් ඉදිරියට තබන පියවරක් පාසා හිතාමතා සෙමින් ඉදිරියට අඩි තියනවා.

දින කිහිපයක් තිස්සෙ පායපු හඳ මැකී යන්න ලං වුන අවසන් දිනය, පොලව මතට වැටෙන දුර්වල හඳ එලිය පොලව මත බියකරු සෙවනැලි මවනවා. අඩි හඩේ ශබ්දය ටිකෙන් ටික වැඩි වෙනවා. කලබලයෙන් වටපිට බලන විවියන්ගෙ භීතිය පිරුනු දෑසට ඔවුන් වෙත ලං වෙන තැනැත්තාගෙ සෙවනැල්ල හසුවෙන්නෙ ඔහු අඩි කිහිපයක් පසුපට විසි වී යද්දි.

"විවියන් ඉක්මන් කරන්න මගෙ අතින් අල්ලගන්න"

බිදුනු ඇබරුනු විරූපී අත් කකුල්, ඝන උස මොල්ලිය, දිලිසෙන, එහෙත් එකිනෙකට අසමාන ඇස් තියන රකුසු රුවක් , ඉහලට ගත්ත හුස්ම පහලට ගන්න අමතක වුන විවියන් ජෝශ් ඔවුන් වෙත ලං වෙන රකුසු රුව දිහා බලන් ඉන්නෙ එක තැනම ගල් ගැහිලා.  ඔවුන්ගෙ හදවත වේගයෙන් ගැහෙනවා.

ඔවුන් වෙත ලං වෙන සෙවනැල්ල ටිකෙන් ටික විශාල වෙනවා, පියවරක් පාසා එහි අන්ධකාර නපුර වැඩි වෙනවා.අදුරේ සැරිසරන විකෘති වෙස් ගත්ත රාක්ශයෙක්! (එම රාක්ෂයා තවත් විකාරරූපී ලෙස පෙනුනේ රාක්ෂයාගේ අසාමාන්‍ය දිග ශරීරයත්, පිට මැදින් අසාමාන්‍ය ලෙස වැඩී තියෙන මොල්ලියත් නිසා)

"ජෝශ්!!!"

භීතියෙන් වෙවුලන විවියන් ඉදිරියට ජෝශ් පනින්න සැරසුනත් ඔවුන් වෙත පැමිනෙන සෙවනැලි එක්වරම මගින් නතර වෙනවා. මොහොතකට කලින් බයෙන් පිරුනු විවියන්ගෙ ජෝශ්ගෙ ඇස් මේ වතාවෙ කුඩා වෙන්නෙ යෝධ රකුසගෙ එක ඇසක් හිසෙන් පහලට කඩාගෙන වැටෙනවත් එක්කම.

"ආහ්හ්හ්!! බූරුවො මගෙ කකුල"

"ඔය කටවහගන්නවා , තමුසෙගෙ ඔලුව කොහෙද වැදුනෙ? අපි බූරුවො නෙවෙයි වෘකයෝ!"

LIMERENCE (Non-Fic)Where stories live. Discover now