Previous chapter
Ps : කියවන් යන්න surprise එකක් තියනවා පහල 🖤~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
එය Shadowhaven පාසලට තවත් එක් සාමාන්‍ය අඟහරුවාදා දවසක්.පළමු වසරේ සිසුන්,මහචාර්ය මොගානගෙ කාලච්ඡේදය වෙනුවෙන් පන්ති කාමරයේ රැස්ව හිටියා. පාසලෙ අනෙක් මහචාර්යවරුන්ගෙ පන්ති කාමර වලට සාපේක්ශව මහාචාර්ය මොගානාගේ පන්ති කාමරය පෙනුමෙන් බොහොම ආකර්ෂණීය වුනා. බුබුලු දාන පාට පාට පරීක්ශන බීකර , මායා සතුන් ගිල්ලපු වීදුරු බෝල , බෙහෙත් අරිශ්ටය පුරවපු කල්දේරම් පන්ති කාමරය පුරාම දකින්න තිබුනා.විවර කල ජනෙල් කවුලු තුලින් දහවල් ආලෝකය පන්ති කාමරය පුරා පැතිරෙමින් තිබුණත් නිරන්තරයෙන් දැල්වෙන සිවිලිම් ඉටිපන්දම් පන්තිකාමරයෙ පැරණි ආකර්ෂණීය බව තව තවත් වැඩි කළා.දෙවන වසරේ සිසුන්ගෙ කාලච්ඡේදයෙදී අත්හදා බැලුව පරීක්ශ කිහිපයක සාක්ෂි ඉතුරු කරමින් නොග්ජින් පැලෑටියෙන් හමන ඩැන්ඩෙලයින් මල් සුවඳ තවමත් පන්ති කාමරයෙ උඩු වාතලයෙ කැරකෙනවා...
තම තමන්ගෙ පරීක්ශ ලී මේසයන් මත තබා තියන අමුතු අමුද්ර ද්‍රවයන් දිහා සිසුන් බලා සිටියෙ කුතුහලයෙන්..ජෝශ්, හැම තත්පර කිහිපයකට වතාවක්ම වර්ණයන් වෙනස් කරන දිලිසෙන දියර කුප්පින් එකින් එක පරීක්ෂා කරමින් ඇස් කුඩා කරගනිද්දි ඔහු ලගින් අසුන්ගෙන හිටිය ඩේවිඩ්සන් ඔවුන්ට මදක් එහායින් අසුන්ගෙන ඉන්න ඔමේෆා සිසුවිය දිහා ඇස් කොනෙන් බලමින් කනපිට හරවගත්ත පොතක් කියවමින් හිටියා.
"මේ බලන්න මේවා හරිම අමුතුයි..."
"ඒවා දිලිසෙනවා"
රවුම් හැඩැති භාජනයක පුරවලා තියන අමුතු දිස්නයක් දෙන ක්‍රිස්ටල් කැට දිහා බලන් නෝවා උද්යෝගයෙන් කියවන් ගියත් ඈනුමක් අරිමින් මේසය පුරා ඕනෙවට එපාවට දෑස් ගෙනියපු ටෙඩ්රෝස්ගෙ අවධානය නැවතුනෙ දිස්න ගහන ක්‍රිස්ටල් කැට වලට හාත්පසින්ම වෙනස් වෙනත් දෙයක් ලග, මේසයේ කොනක එක උඩ එක තියලා තියන පරණ පොත් කිහිපය ගාව තියන හොඳින් ඉදුණු බ්ලූබෙරි ගෙඩි ගොඩ වට්ටෝරුවේ කොටසක් වුණත් ටෙඩ්රොස්ගෙ හිතේ ඒ බ්ලූබෙරි ටික ගැන තිබුනෙ වෙනමම අදහසක්...
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?