Chapter 12

1.1K 220 173
                                    


ශැඩොහෙවන් පාසලේ භෝජන ශාලාව පළමු වසරේ සිසුන්ගේ උද්යෝගිමත් කතා බහෙන් පිරිලා ගිහිල්ලා. තිරස් අතට පිලිවෙලින් තියලා තියන හැම දිගු කෑම මේසයකම  නිවාස හතරෙ වර්ණයන් පිලිඹිබු කරන ඉටිපන්දම් ආලෝකයන් උඩු අතට දැල්වෙනවා .
බ්ලඩ්මූන් නිවාසය රතු වර්ණයෙනුත් සිල්වර්ෆැන්ග් නිවාසය සිල්වර් පැහැයෙනුත් සෙරෆිනා නිවාසය නිල්  පැහැයෙනුත් ෂැඩෝවුඩ් නිවාසය දුඹුරු පැහැයෙනුත්.

සෑම නිවාසයකම දිගු කෑම මේසයක් මතම රෝස්ට් කරපු මස් තැටි, දුම් දාන සැමන්, ඉස්සන් පිරෙව්ව පිඟන් , තැම්බූව එළවළු , තවමත් උඳුනෙන් බාපු නැවුම් සුවද එන බේක් කරපු පාන්, රසට හැපෙන ඉදුණු තක්කාලි කැරට් සලාදයන්, ඉස්ම පිරුනු ඇපල්, දොඩම්  , ස්ට්‍රෝබෙරි , මිදිවලින් පිරෙව්ව පලතුරු බදුන්, විවිධ වර්ගයෙ චීස් තැටි, චොක්ලට් බ්‍රව්නීස් තැටි, ලෙමනේඩ් බඳුන් , බ්ලූබෙරි සුප් වගේම මේසය මැද විසාල චොකලට් කේක් ගෙඩියක් එක්ක පාන් පුඩිම් තියලා තියනවා.

සෙරෆීනා නිවාසයෙ මිතුරන් එක්ක කෑම මේසයෙ ඉදගෙන ඉන්න විවියන් ඔහුට මුහුනලා ඉදගෙන ඉන්න ටෙඩ්‍රෝස් ගෙ කතාවට උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා.

"හොඳට අහගන්නවා? මේ තමයි, හොඳම කොටස. මුවා හොඳටම බයවෙලා හිටියෙ මාව දැකලා.ඌ මට බයේ පැනලා යන්න හදනකොටම මම වේගෙන්, හැංගිලා හිටපු පඳුර අස්සෙන් එළියට පැන්නා..හරියට අකුණක් වගේ... මගේ ඇස් රතු පාටින් දිලිසුනා. ඒක ඔයාලා දකින්නයි තිබුණෙ!!! ඌට පැනලා යන්න තියා හැරෙන්නවත් වෙලාවක් වුණේ නෑ මොකද මම ඒ තරම් වේගවත්... එක පිම්මයි... ඌ එතනම, ඉවරයි !! wham !!""

"ටෙඩ්‍රෝස් ඒක හරියටම ඔයා කිව්ව හතර වෙනි කතාවෙ හිටිය වල් ඌරා අල්ලගත්තා වගේමයි."

"වෙනසකට තියෙන්නෙ කලින් වතාවෙ වල් ඌරෙක් අල්ලගද්දි මේ වතාවෙ ඔයාගෙ වල් ඌරා මුවෙක් වෙච්ච එක."

"ඔයාට හොදටම විශ්වාසද ටෙඩ්‍රොස් දඩයම් රාත්‍රියෙදි Slumberberry ගෙඩියක් කෑවෙම නෑ කියලා "

"ඒත් අපිට නම් දැනගන්න ලැබුනෙ මහචාර්‍ය ඒඩ්‍රියන් ඔයාව හොයාගන්න කොටත් ටෙඩ්‍රෝස් හිටියෙ Slumberberry ගහක් යට නිදි වලහෙක් වගෙ ගොරවා ගොරවා කියලා."

LIMERENCE (Non-Fic)Kde žijí příběhy. Začni objevovat