Limerence chapter 01- 12 mini clip
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගිලුනු අන්ධකාරයෙන් වැහුනු නිදන කුටියෙ දැල්වෙන ඉදිපන්දම් ආලෝකය බලකොටුව හරහා ගමන් කරන සීතල හුලං හා මෘදු නර්තනයක යෙදෙනවා. ශැඩෝහෙවන් වෙත පැමිනි දවසෙ පටන් තමන් වටා වෙච්ච හැම සිදුවීමක්ම එකින් එක පිලිවෙලට පෙලගස්සමින් කල්පනාවට වැටිලා ඉන්න විවියන්ගෙ සිත බොහොම නොසන්සුන්කාරියි.අදුරු වනාන්තරයෙදි තමාගෙ මනසත් එක්ක කතාකල වෘකයත් , අන්ධකාරය මැදින් මතු වුන මායාකාරියගෙ හමුවීමත්, මහචාර්ය ඩේමියන්ගෙ පැමිනීමත් මේ සියල්ල අවුල්ව ගිය නූල් බෝලයක් බවට පත් වෙලා.
"ඇයි ඔයා මට උදව් කරන්නේ?"
"මොකද ඔයා මගෙ අයිතිය, විවියන්"
විවියන්ට පෙනෙන්නෙ නැහැ මේ වෙද්දිත් ඔහුගෙ කම්මුල් රත් පැහැයට හැරිලා තියන බව. අන්ධකාරය කපාගෙන ඉදිරියට දුවන ඈශ් හා කතාකල එම වෘකයාගෙ හඩ : සැබෑවටම විවියන්ගෙ සිතෙහි පාලනය ඔහුගෙන් අහිමි වෙලා.තවත් පුර හඳවල් අටක් පායන තෙක් විවියන් ට බලන් ඉන්න වෙනවා . විවියන්ගෙ දහ අටවෙනි උපන්දිනය!!
තමන් හා කතාකල වෘකයා කවුරුන් වුවත් එම හඩ ඇසීමෙන්ම විවියන්ගෙ ඔමේගාගෙ ආත්මය නොසන්සුන්කාරි වුන තරමින්ම විවියන්ට එය දැනෙනවා.
නමුත් අර්ධ වෘකයෙක් ට වයස අවුරුදු දහඅට පිරෙනකන් වෘක ආත්මයේ හඩ ඇසෙන්නෙ නැහැ. ඔවුන්ට වෘකයන් බවට පරිවර්තනය වෙන්න පුලුවන් , වෘකයා තුල ජීවත්වෙමින් හිතන්න පුලුවන් ඒත් ඔවුන්ගෙ හඩ මිනිස් ආත්ම කොටසට ඇහෙන්නෙ නැහැ.
ඒ නිසාම අර්ධ වෘකයින්ට ඔවුන්ගෙ මේට් පිලිබද දැනගන්න ගෙවෙන පුර හඳවල් ගණන් කරමින් මග බලන් ඉන්න සිද්දවෙනවා. ඇත්තෙන්ම එය සඳ දෙව්වුවගෙ තීරණයක්, ඒ නිසාම වෘකයින්ට ඔවුන්ගෙ මිනිස් ආත්ම කොටස එක්ක කතාකරන්න අවශය වුනත් අර්ධ ආත්ම කොටස් දෙකටම ඒ දවස එනකන් බලන් ඉන්න සිද්ද වෙනවා.
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?