Ps: පහල author note එකේ Surprise එකක් ඇති හෙමින් කියවන් පහලට ගිහින් බලන්න🥹😘
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ටෙඩ්‍රොස් නේවාසිකාගාරයේ දොරෙන් එලියට කඩාගෙන පැන්නේ කුලප්පු වුන කගවේනෙක් වගේ, හුලගෙ වේගය ගත්ත සිල්වර්ෆෑන්ලා පවා ටෙඩ්‍රෝස්ගෙ වේගය දිහා බලාගෙන හිටියෙ කටවල් ඇරගෙන පුදුමයෙන්. පොත් ටිකත් උස්සන් කොරිඩෝව දිගේ ඉස්සරහට දුවන ටෙඩ්‍රෝස්ගෙ තැබිලි පාට කැරලි කොන්ඩෙ ශැඩෝහෙවන් උස් කුලුනු හරහා හමන සීතල හුලගත් එක්ක තාලෙට පැද්දෙනවා.
"ඒඒඒඑ විවියන්!!!!! ඉක්මන් කරනවා, අපිට අද නම් මහචාර්‍ය ජූලියන්ගෙ පන්තියට පරක්කු වෙන්න බැහැ."
විවියන් තවමත් හිටියෙ අඩ නින්දෙන් කොරිඩෝව දිගේ වැනෙමින් ඉදිරියට ඇවිදන් යමින්, විවියන් කොයි දේට දක්ශ වුනත් අධ්‍යාපනෙයි විවියනුයි නම් එකිනෙකට ගැටෙන්න තියා හමුවෙන්නෙවත් ගැලපීමක් නැති අසමාන ලෝක දෙකක් වගෙ. එකපාරටම තමන් ලගින් ඇහුන හඩට ව්‍යාකූල වුන විවියන් වේගයෙන් ඇසි පිය ගහමින් හැරිලා බැලුවත් ඒ වෙද්දිත් ටෙඩ්‍රෝස් සෑහෙන්න දුරක් විවියන් පහු කරමින් ඈතට දිව ගොස් තිබුනා.
විවියන්ගෙ මුවින් පිටවුනෙ බර හුස්මක්, කරේ එල්ලෙන පොත් බෑගය නැවතත් කර උඩට ඇද්ද විවියන් ඔහු ඉදිරියෙන් ඇවිදන් යන ජෝශ්ගෙ වේගයට ලං වෙන්න ඉක්මන් වෙමින් ඉදිරියට අඩි තිබ්බා. ටෙඩ්‍රෝස් දිහා බලන් දැනටමත් හිනාවෙන ජෝශ්ගෙ තොල් අග ඇදිලා තියන කුඩා සිනහව විවියන්ගෙ හිතෙ ඇති කලේ කුතුහලයක්.
"හරි!! මට කියන්න මොකද වෙන්නෙ? මම නොදන්න මොකක් හරිම දෙයක් තියනවා , එහෙම නේද?"
විවියන්ගෙ කුඩා වුනු ඇස් දිහා බලපු ජෝශ්ගෙ මුවින් පිටවුනේ සිනහවක්, ඔහුගෙ ඇස් දගකාර විනෝදයකින් දිලිසෙනවා. "හහ් හහ් හහ් හා!!! මාව විශ්වාස කරන්න විවියන් ඒක ඔයා බොහොම ඉක්මනින්ම දැනගනියි. අපේ ටෙඩ්‍රෝස් සති ගාණක් තිස්සෙ මේ පන්ති වාරය එනකන් ඇගිලි ගැන ගැන බලන් හිටියෙ"
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?