Chapter 20

952 174 306
                                    

previous chapter

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අන්ධකාරයෙ ගිලීගිය පටු මංතීරුව යන්තම් හෝ ආලෝකමත් වෙන්නෙ වීදි කෙලවරෙ දැල්වෙන තනි විදී ලාම්පුවක ගැහි ගැහි නිවෙන ලා ආලෝකයෙන් පමණයි.කැලි කසල බදුන් පිරී තිබෙන වීදියෙන් හමන දුර්ගන්ධය මිනිස් නහයකට දරාගන්න අපහසු තරම් අප්‍රිය ජනකයි.

අදුරු සෙවනැල්ලක් මෙන් ඉදිරියට අඩි තියන ඝාතකයාගෙ සෑම පියවරක්ම වසර ගණනාවක සූක්ශම පුහුනුවෙ අභිරහසට සාක්ශි දරන්නෙ අන්ධකාරය ම්ධයයෙහි වුවද එම සීතල වියරු දෑස් ආශාවෙ පිපාසයකින් දිලිසෙද්දි.

තමා වෙත ලං වෙන මරණයෙ සෙවනැල්ල පිලිබද කිසිදු හෝඩුවාවක් නැති මිනිසා තවමත් ඔහු අතේ තියෙන දුරකතනය ඔබමින් සිනහවෙමින් පටු මාර්ගයෙ ඈතින් හිටගෙන ඉන්නවා.

මේ වෙද්දිත් ඝාතකයාගෙ සිතුවිලි වේගයෙන් දිවයනවා, සුලු මොහොතකින් තමාට විදින්න ලැබෙන අදුරු සංධ්වනියෙ ත්‍රාසය  ගණනය කරමින් ඔහුගෙ යටි සිත වියරුවෙන් සිනහවෙනවා.මෙය ඔහුගේ කලාවේ පරිපූර්ණ මොහොත උදාවෙන හෝරාවයි. අවට ලෝකයෙන් ඇහෙන සියලු ශබ්දයන් වියැකී යමින් තම ගොදුරෙ  හද ගැස්මෙ හුස්මේ හඩ පමනක් ඇසෙන හෝරාවයි. උදාවීමට නියමිත, මරණයෙ හෝරාවෙ  වින්දනය දැනටමත් ඝාතකයාගෙ සිරුරට දැනෙන්න පටන්ගෙන.

ගොදුර මේ වනවිටත් ඔහු සිතුවාටත් වඩා බොහොම පරක්කුයි. තම මරණයෙ සෙවනැල්ල වෙත හැරෙන ගොදුරේ දෑස් එක්වරම භීතියෙන් විසල් වෙනවා. කාලය මොහොතකට එක තැන නතර වෙන්නෙ අන්ධකාරය රජයන පටු වීදිය මරණයෙ වේදනාවෙන් කෑගහන මිනිසෙක්ගෙ කෑගැසිමත් එක්ක එක්වරම නැවතත් නිහඩ වී යද්දි.කැන්වසයක් පින්තාරු කරන්නක් මෙන් මිනිසාගෙ සුදු සම ක්‍රිම්සන් රතු පැහැයෙන් වර්ණවත් වී හමාරයි.

තම සාක්කුවෙන් සුදු මැග්නෝලියා මලක් එලියට ගන්න ඝාතකයා ලේ විලක් මැද හුස්ම අදිමින් අඩවන් ඇසින් තමා දිහා බලන් ඉන්න මිනිසා ලගින් සෙමින් දණ තියමින් පහලට නැවෙනවා. ඔහු යමක් මියයන මිනිසාගෙ කණට රහසින් කොදුරද්දි භීතියෙන් දෑස් විසල් වෙන මිනිසා යමක් කියන්න උත්සහ කලත් ඔහුගෙ මුවින් පිටතට වචන හඩ වෙනුවට ගලාගෙන එන්නෙ තද රත් පැහැ රුදිරය පමණයි. ඔහුගේම අදුරු කලාත්මක නිර්මානය දිහා මොහොතක් ලා සිනහවකින් බලන් ඉන්න ඝාතකයා තම අතේ තියන මැග්නෝලියා මල සෙමින් මියයන මිනිසා අසලින් තියනවා .

LIMERENCE (Non-Fic)Where stories live. Discover now