"වැම්පයර්වරුන්ගෙ ඉතිහාසය පුරාණ ශිශ්ටාචාර ගණනාවක් දක්වා ඈත අතීතයට දිවයනවා.පිරිසක් කියනවා ඔවුන්ගෙ බිහිවීම මෙසපොතේමියනු ශිශ්ටාචාරය කියලා, තවත් පිරිසක් කියනවා එය නැගෙනහිර යුරෝපය කියලා""හැබැයි අපි මායාකාරයින් විශ්වාස කරන වෙනත් කතාවක් තියනවා."
"හොදයි එහෙනම් හොදින් අහගන්න "
ඩ්‍රේවන්.
ඩ්‍රේවන් වැලේරියන්.
ඔහු නැගෙනහිර යුරෝපයේ ජීවත් උනු ධනවත් සිටුවරයෙක්.
ඩ්‍රේවන්ට නැගෙනහිර යුරෝපයම උනත් මිලදී ගන්න තරම් ධනස්කන්දයක් තිබුනා.
ඔයාලා හැමෝම දන්නවා, තමන් ගැන උවමනාවට වඩා ආඩම්බර වෙන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක උඩඟුකමක්.
ඩ්‍රේවන් නුත් අන්න ඒ තත්වයට පත් උනා. තමන්ට හිමි වුනු ධනය ගැන ගොඩක් අහංකාර වුන උඩඟු පුද්ගලයෙක් වුනා.
ඩ්‍රේවන් තමන්ගෙ වැලේරියන් සිටු මාලිගාවේ හැම දිනකම නැටුම් සාදයන්, ප්‍රිය සම්භාෂණ පැවැත්තුවා.
ඒ වගේමයි ඩ්‍රේවන් තමන්ගෙ රූපය පිලිබදව හුඟක් සැලකිලිමත් වුන කෙනෙක්.
ඒත් එක දවසක ඩ්‍රේවන්ගෙ රූපලාවණ්‍ය ශිල්පියාට ඔහුගේ පැසුණු කෙස් ගහක් හමුවෙනවා.
අන්න එදා.. ඩ්‍රේවන්ට තේරෙනවා තමන් ලග කොයිතරම් ධනස්කන්දයක් තිබුනත් ඒ ධනස්කන්දයෙන් ඔහුට මිලදී ගන්න බැරි එක් දෙයක් තියනවා කියලා. ඒ තමා සදාකල් ජීවිතය!
ඩ්‍රේවන්ට දරාගන්න බැරි වුනා තමන්ගෙ ධනය, බලය යම් දවසක අහිමි වෙලා යනවා කියන සාමාන්‍ය ඇත්ත.
ඔහු නැගෙනහිර යුරෝපය පුරා පණිවිඩයක් පැතිරෙව්වා, සදාකල් ජීවිතය තමාට ලබා දෙන තැනැත්තෙකුට තමන්ගෙ ධනයෙන් කොටසක් ලබා දෙනවා කියලා.
ඩ්‍රේවන් සිටුතුමාගේ පණිවිඩය දැනගන්න ලැබුනු විවිධ තරාතිරම් වල මිනිස්සු වැලේරියන් සිටු මාලිගාව ඉස්සරහ පෝලිම් ගැහෙන්න පටන් ගත්තා.
නමුත් ඒ පැමිනි කිසිම කෙනෙක්ගෙන් ඩ්‍රේවන් සිටුවරයා හෙව්ව දේට විසඳුමක් නම් හමුවුනේ නැහැ.
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?