Chapter 04

1.3K 269 147
                                    

Ps: මේ චැප්ටර් එක ටිකක් බෝරින්ග් චැප්ටර් එකක්. ඊලග එක interesting කරන්නම්.

_____________________________________

"අද අපි විශ්ලේෂණය කරමු කොහොමද සාමාන්‍ය මරණයකත් සාමාන්‍ය මරනයක් කියලා පෙන්වන්න උත්සහ කරන මිනීමැරුමකත් වෙනස හොයාගන්නෙ කියලා"

මහාචාර්‍ය ඔලිවර්ගෙ කටහඩ පන්තිකාමරය පුරා දෝංකාර දෙමින් ඇහෙද්දි විවියන් ඔහුගෙ පොතේ එකසිය හැට නවය පිටුව පෙරලුවා.

විවියන් නගරයෙ පාසලේදි ඉගෙනගත්ත විශයන්ට හාත්පසින්ම වෙනස් විශය මාලාවක් ශැඩෝහේවන් පාසලේදි ඔහුට ඉගෙනගන්න ලැබුනා.

කලුපුවරුව වෙත හැරිලා  ඉන්න මහාචාර්‍ය ඔලිවර් සුදුහූනු කූරක් අතට ගනිමින් වේගයෙන් වේගයෙන් එහි යමක් ලියනවා.

"මහාචාර්‍ය ඔලිවර්!!!"

සන්සුන්ව පුටු මත හිදගෙන ඉන්න සිසුන් අතරින් එක සිසුවෙක්ගෙ අතක්  ඉහල අවකාශයට එසවුනා. කලු පුවරුව මත ලියමින් හිටිය මහාචාර්ය ඔලිවර් සිසුවාගෙ හඩත් සමග නැවතත් පන්ති කාමරය වෙත හැරුනා.

"ඔවු හෙන්රික් කියන්න."

"මහාචාර්‍යතුමන්ට පුලුවන්ද අද පාඩමට කලින් මිනීමරුවෙකුගෙත් දාම ඝාතකයෙකුත් අතර තියන වෙනස ගැන අපිට කියලා දෙන්න.?"

හෙන්රික් දිහා මොහොතක් නිහඩව බලන් හිටිය මහාචාර්ය ඔලිවර් ඔහු අතේ තියන හුනු කූරු මේසය මත තබමින් සන්සුන් පියවර තබමින් පන්ති කාමරය ඉදිරියට ඇවිදන් ආවා.

හෙන්රික් දිහා මොහොතක් නිහඩව බලන් හිටිය මහාචාර්ය ඔලිවර්  ඔහු අතේ තියන හුනු කූරු මේසය මත තබමින් සන්සුන් පියවර තබමින් පන්ති කාමරය ඉදිරියට ඇවිදන් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LIMERENCE (Non-Fic)Where stories live. Discover now