Chapter 21

1.1K 171 178
                                    

Previous Chapter

සැ.යු : පහල surprise එකක් ඇති චැප්ටර් එක කියවලා බලලා තමා බලන්න ඕනෙ. තේරුනානෙ????🗡️🗡️🗡️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එය සෙවනැලි රජයන නිහඩ රාත්‍රියක්, ගෙවෙන කාලය පවා නිශ්චල ව ගෙවී යන හෝරාවක් . රාත්‍රියෙ සැරිසරන නිශාචරයන්ගෙ හඩ මෙන්ම අන්ධකාරයේ ගීතිකා ගායනා කරමින් හමන මැදියම් සුළගෙ හඩ පවා කන් තුල දෝංකාර දෙමින් ඇසෙන මධ්‍යම රාත්‍රියක්.

විවියන්ගේ අදුරු නිදන කුටියෙ දැල්වෙන ඉටිපන්දම් එලි රාත්‍රි හුලගට වෙවුලමින් උඩු අතට දැල්වෙනවා.රාත්‍රිය පුරා දෝංකාර දෙමින් ඇහෙන අත්භූත හුලගෙ ඝෝෂාව අන්ධකාරයෙ නිශ්ශබ්දතාවය විටෙන් විට ස්පර්ශ කරමින් විවර කල ජනෙල් හරහා ඒ අතට මේ අතට සැරිසරනවා.

නමුත් එක්වරම විවියන්ගෙ කුටියෙ වෙවුලමින් උඩු අතට දැල්වෙමින් තිබුන ඉටිපන්දම් එලි සියල්ලක්ම නිවී යන්නෙ  වසා දමා තිබෙන දොර හෙමින්, දැනෙන නොදැනෙන අයුරින් විවෘත වෙද්දි , පිටත කොරිඩෝව දිගේ වේගයෙන් හමා ගිය අඳුරු හුලගක කොටසක් කුටිය තුළට සෙමින් ගලාගෙන එනවා.අනාරාධිත සීතල හුලගේ චලනයට නිසොල්මන් තිරරෙදි හොල්මන් රූප මෙන් දෙපසට පැද්දෙනවා.

නිසලව ඇඳ මත වැතිරිලා ඉන්න විවියන්ගෙ පියවුනු ඇස් නින්දෙන් සෙමින් රැලි ගැසෙන්නෙ උනුසුම් බ්ලැන්කට් හරහා ඔහුගෙ සම මතට හදිසියෙම කාන්දු වෙන්න ගත්ත සීතල බව නිසා. කාමරයෙ උෂ්ණත්වය මොහොතින් මොහොත පහත වැටෙනවා.ගෙවී යන තත්පරයක් පාසා සිරුරට දැනෙන අධික සීතල දරාගන්න අපහසුවෙන් විවියන් තව තව තම උනුසුම් පොරවන තුලට ගුලි වුනා.

නිදන කාමරය තුළට පැමිනි අනාරාධිත ආගන්තුකයා අඩි තැබුවේ රාත්‍රී පාළු නිශ්ශබ්ද බවට පුංචි හෝ බාධාවක්වත් නොකර.
ආගන්තුකයාගේ අඳුරු ඡායාව නොපැහැදිලි අයුරින් එහෙ මෙහෙ යද්දී ඇඳ මත නින්දක හිටිය විවියන්ගේ ඇස් පියන් යන්තම් සෙලවුණා..

තද නින්දෙන්ම ඔහුගෙ ඇහිබැම එකට යාවුනේ දිග හුස්මක් ගත්ත විවියන් මදක් සෙලවෙමින් ආයෙමත් නිසොල්මන් වෙද්දි...

LIMERENCE (Non-Fic)Where stories live. Discover now