"හලෝ බබා ඔන්න ඔයාගෙ වැඩේ හරි . හෙට උදේම වාහනේ එයි . උදේම නැගිටල ලෑස්ති වෙනව ඈ ඩේගු වලිනුත් ඇතුලට යන්න ඕනෙ උදේම යන තරමට හොදයි . "
"ආ හරි හරි අනේ මං උදේම නැගිටිනව තමයි . මේ කූ thankyou බබා අංකල් කිව්ව ඔයා සෑහෙනට වද දුන්න කියල එයාට "
"ඔව් ඔයාගෙ වැඩේ ඉවර වුන ගමන් මේවට ගෙවන්න ලෑස්තිවෙල ඉන්නව හරිද . මේ මම තියනව තව ටිකකින් මීටින් එක පටන් ගන්නව . ආ මේ ඕන කරන හැමදේම මතක්කරල අරන් යනව ඈ . අනේ කූ අරක අමතක වුනා මේක අමතක වුනා කිය කිය මට වද දෙන්නැතුව . එහෙනන් බබා මම ගියා "
"හොදමයි නපුරෝ . බායි කූ "
කෙටි කතා බහකට පස්සෙ දුරකථන ඇමතුම විසන්දි කරපු හනාය ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන ස්ක්රීන් එකේ පේන්න තියෙන තමන් එක්ක හිනාවෙලා ඉන්න පිරිමි රුව දිගේ සියුම්ව ඇගිලි එහෙ මෙහෙ අරන් ගියෙ "නපුරු හාවා" සිහින් මිමිනිල්ලකුත් එක්කමයි . ඒත් සමගම පුංචි හාදුවක් ස්ක්රීන් එක මතින් තියපු හනාය කාමරයට ගියේ හෙට යන්න තියෙන ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න හිතාගෙනයි .
කිම් හනාය කියන්නෙ මේ වෙද්දි දකුණු කොරියාවෙ විශාලතම entertainment ආයතනයක් වෙන JJk entertainment යටතේ වැඩ කරන මේ වන විට සම්මාන රැසකට හිමිකම් කියන ඉතා දක්ශ, ලාබාලතම චිත්රපට අද්යක්ෂක වරියක් මෙන්ම තිර පිටපත් රචිකාවියක් .
ජියොන් පවුලේ එකම දරුව වුන ජියොන් ජන්කුක් එහෙමත් නැත්තන් හනායගේ
" කූ " තමයි JJk entertainment හි වර්තමාන සභාපති වගේම හනායගෙ ආදරණීය පෙම්වතා .