Episode 22

17 4 3
                                    

හීනි අත්පටි සහිත ලා රතුපාට දිග ගව්මකින් සැරසිලා තරප්පු පෙල දිගේ හෙමි හෙමින් පහලට බහින සන්හිගෙ අද තිබුනේ මීට කලින් නොදැකපු විදිහෙ ලස්සනක් . ඉටිපන්දම් වලින් ආලෝකමත් වෙලා තිබුන පහලමාලයෙ කලුපාට ෆුල් සූට් එකකින් සැරසිලා තරප්පුපෙල දිගේ පහලට බහින සන්හි දිහා බලාන ඉන්න ටේහියොන්ගෙත් තිබුනෙ සන්හිගෙ ලස්සනට නොදෙවෙනි කඩවසම් බවක් .

දැල්වෙන ගිනිඋදුනට තරමක් එහායින් තිබුන ග්‍රැමෆෝනයෙන් ඇහෙන තරමක් පැරණි , අඩු රිද්මයකින් වාදනය වන බටහිර පන්නයේ ආදර ගීතයත් , රතුපාට ටියුලිප් පොකුරකින් සරසපු මල් පෝච්චියත් , රතු වයින් පුරවපු වීදුරු දෙකක් සහිත පොඩි මේසයත් ආදරණීය රාත්‍රියකට හොදින්ම ගැලපිලා තිබුනා.

"මොකද "

"ලස්සනයි , කන්න හිතෙව ."

"ම්ම්ම්ම්ම්ම් ටේ එපා අනේ "

තරප්පු පෙල දිගේ පහලට බැහැපු සන්හිගෙ අතින් අල්ලගත්ත ටේහියොන් සන්හිගෙ බෙල්ලට පාත් වෙන ගමන් හරි හදිස්සියෙන් වගේ ඒ සීතල තොල් සන්හිගෙ බෙල්ල පුරා දග කරන්න ගද්දි සන්හිගෙ අත් වලට ටේහියොන්ගෙ කමසය තදින්ම හිරවෙලා ගිහින් තිබුන .

"මාගේ , කුමරියනි මා සමග නර්තනයේ යෙදීමට කැමතිද "

"එසේය කුමරුනි "

හරිම විනීතව සන්හිගෙන් අවසර ඉල්ලන ටේහියොන්ට ආචාර කරන ගමන් සන්හි අවසර දුන්නෙ හරියට සුරංගනා කතාවල ඉන්න කුමාරයෙකුයි කුමාරියෙකුයි වගේ . ඊලග මොහෙතෙ එයාලගෙ හැසිරීම නිසා මුලු kim house එකම සන්හිගෙත් ටේහියොන්ගෙත් හිනා සද්දෙන් පිරිල ගිහින් තිබුන .

.
.
.
.

"හැපි ඇනිවසරි එකක් වේවා ........"

"උප්ස් වැරදි වෙලාවක් වගේ "

"මම කිව්ව ජිමින් ඔයාට ඔහොම එකපාරට දොර අරින්න එපා කියල "

" යා ....... ඔහොම එකපාරටම ගෙට පයින සිරිතක් තියෙනවද මනුස්සයෝ "

තමන්ගෙ බෙල්ල වටේ අත් පටලන් ග්‍රැමෆෝනයෙන් වාදනය වෙන සංගීතයේ තාලෙට අඩි තියෙන සන්හිගෙ ඇස් දිහා මෙච්චර වෙලා බලාන හිටපු ටේහියොන්ගෙ ඇස් ඊලගට නැවතුනේ රතුපාටින් දිලිසෙන සන්හිගෙ තොල්වල . ටික ටික සන්හිගෙ ඉන වටේ තිබුන අත තද වෙනකොට සන්හි ටේහියොන්ගෙ පපුවට හිරවුනා හරි ඉක්මනින් . මෙච්චර වෙලා සංගීතයේ තාලෙට තියවුන සන්හිගෙත් ටේහියොන්ගෙත් කකුල්වල චලනය නවතිද්දි ටේහියොන්ගෙ තොල් හරිම සංසුන්ව සන්හිගෙ තොල් අතරෙ එහෙ මෙහෙ ගියා . ටිකකින් සන්හිත් ඒ හාදුවට ප්‍රතිචාර දක්වන්න ගද්දි ටේහියොන්ට තව තවත් ඒ හාදුව ගැඹුරින් විදින්න ඕන වුනා . ඒත් එකපාරටම කෑගහගෙන ගෙට පැනපු ජිමින් නිසා දෙන්නගෙ හාදුවට තව දුර යන්න බැරි වුන එක ගැන ටේහියොන්නන් හිටියෙ හිත හොදකින් නෙමෙයි . බොරු කේන්තික් අරන් ජිමින්ට කෑ ගහන ටේහියොන් දැක්කහම සන්හිට වගේම ජිමින් , හනුල් දෙන්නටත් එලියට පනින්න එන හිනාව නවත්තන් ඉන්න ලොකු උත්සහයක ගන්න වුනා .

Rainy Day Where stories live. Discover now