කම්මුල් දිගේ බේරෙන කදුළු පිහදාන ගමන් වැටුන තැනින් නැගිට්ට පුංචි ටේහියොන් සද්දෙ ඇහුන පැත්තට හිමින් හිමින් අඩි තිබ්බා.
තමන්ට වඩා වයසින් බාලයි කියන්න පුලුවන් පොඩි කෙල්ලෙක් චූටි බලුපැටියෙක් එක්ක ලොකු වලියක් . තරමක් පරණ වුන පොඩි ගෙදරක පිටිපස්සෙ තිබුන කරාමෙකින් වතුර බේසමකුත් පුරවන් කෙල්ල පොඩි බලු පැටියට බැන බැන නාවනව බලු පැටියනන් පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ වගේ .
"යා ....... පෝලි ඔයාට ඇයි මං කියන දේ අහගෙන හොද ලමයෙක් වගේ ඉන්න බැරි . ඔය ඉතින් දැන් බොරුවට අඩන්න එපා . හරි හරි හැබැයි ආය මඩේ නටන්න එපා හරිද ඔයා ලෙඩ වෙනවනෙ . මේ බලන්නකො තුවාලෙත් පාරගෙන "
කොහොම හරි දගලල දගලල බලු පැටියව නාවල ගෙට ගොඩ වෙන්න තියෙන පඩියකින් ඉදගත්ත කෙල්ල පොඩි බලු පැටියව හොදට පිහදාල සීතල නැතිවෙනකන් රෙද්දකින් ඔතන් චූටි කෙල්ල බලුටියව තුරුලු කරන් අවවාද කරනව . පෝලි ඒක තමයි බලු පැටියගෙ නම . බලු පැටිය හොදට වේලුනාට පස්සෙ පොඩි කෙල්ල ලග තිබුන පෙට්ටියකින් බෙහෙට් වගයක් අරන් පෝලිගෙ කකුලෙ තිබුන පොඩි තුවාලෙකට බෙහෙත් දානව . හරි පරිස්සමට පෝලිගෙ කකුලට පිබින ගමන් බෙහෙත් දාන දිහා බලන් හිටපු පුංචි ටේහියොන්ට එකපාරටම බැලුනෙ තාමත් ලේ ගලන තමන්ගෙ තුවාලෙ දිහා . ආපහු ටේහියොන් ඉස්සහ බලද්දි පොඩි කෙල්ල බලු පැටියව හිනාවෙවී හුඅරතල් කරනව . 'මගේ අම්මත් ලග හිටියනම්' පුංචි ටේහියොන්ට මතක් වුනේ එයාගෙ අම්මව . ටේහියොන් මේ චුටි කෙල්ලගෙයි බලු පැටියගෙයි කෝලම් දිහා බලාගෙන හිටියෙ පොඩි කේන්තියකින් . ඒ ඇයි කියන්න පුංචි ටේහියොන් වත් දැනගෙන හිටියෙ නෑ.
ඒත් ටේහියොන්ට තව වෙලා එතන ඉන්න බැරි වුනේ ඈතින් තමන්ව හොයාගෙන එන සේවකයන්ගෙ කටහඩ නිසයි ඒ වෙද්දි පොඩි කෙල්ලත් බලු පැටියවත් අරන් ගේ ඇතුලට ගිහින් තිබ්බ නිසා ටේහියොන් එයාගෙ ගෙදර යන්න ගියා .අද ටේහියොන්ගෙ ස්කෝලෙ නිවාඩු දවසක් . ටේහියොන් කැමතිම ගාඩ්න් එකේ තිබ්බ ආච්චි අම්මගෙ මල් වගාව ලග තියෙන පොඩි ගල් බංකුවට වෙලා පාඩම් කරන්න . ටේහියොන් උදේ කෑම කෑවට පස්සෙ මල් පාත්තියට පොත් ටිකත් උස්සන් යද්දි ඒ පස්සෙන්ම ආපු එයාගෙ මේඩ් එක එක කෑම ජාති පුරෝපු බාස්කට් එකක් , පොඩි වතුර බෝතලයක් එක්ක එයා කැමතිම ස්ට්රෝබෙරි වලින් හදපු බීම බෝතලයක් ඒ ලග තිබුන මේසෙන් තියල ගියෙ ආය හවස් වෙනකන් ටේහියොන් ඔතනින් එන්නෑ කියල දන්න නිසයි . පුංචි ටේහියොන් කැමති වුනේ නෑ මේ වෙලාවට කවුරුත් එයා ගාව ඉන්නවට. ඉතින් ආය ටේහියොන් ම ගෙට එනකන් කිසිම මේඩ් කෙනෙක් ටේහියොන්ට කරදර කරන්න එතනට යන්නෙ නෑ.