Episode 05

22 5 6
                                    

"සන්හි කියන්නෙ ටේහියොන් ගෙ හැමදේම "

බර හුස්මක් නිදහස් කරපු ජිමින් අහස දිහා බලාගෙන කියන ගමන් ඉදන් හිටපු බංකුවෙන් නැගිටල ගේ දිහාවට යන්න පටන් ගත්ත .

"දුවට ඒ කතාව දැනගන්න ඕනෙ නැද්ද"

ටික දුරක් ගිය ජිමින් , තාමත් බංකුවේ ඉදගෙන පුදුමෙන් තමන් දිහා බලාගෙන ඉන්න හනායට කතා කරේ තමන් එක්ක එන්න කියල ඉගි කරන ගමන්මයි .
.......................................................................

"හ හරාබොජි .........."

ජිමින්ගෙ පිටි පස්සෙන්ම ඇවිදන් ආපු හනාය නැවතුනේ වහල දාල තිබුන කාමරේ දොර ලග . දොර දිහා බලන් හිටපු හනාය ගැස්සුනේ අතට දැනුන ස්පර්ශය නිසයි . ඒත් එක්කම අත දිහා බලපු හනාය දැක්කෙ තමන්ගෙ අතේ තිබුන තරමක් පරණ යතුරක් . ඔව් ජිමින් ඒක හනායගෙ අතින් තියල තිබ්බ . ජිමින්ගෙ මූන දිහා පුදුමෙන් බලපු හනායට ලස්සනට හිනාවුන ජිමින් ඇස් වලින් දොරේ අගුල පෙන්නල දොර අරින්න කියල හනායට ඉගි කරා . ගොඩ කාලයක් තිස්සෙ වහල දාල තිබුන නිසා "ක්‍රීස්" හඩින් කාමරේ දොර විවර වෙද්දි ලොකු හුස්මක් අරන් නිදහස් කරපු හනාය ජිමින් එක්කම කාමරේ ඇතුලට ගියා.

"හරාබොජි මේ මේවා........."

"ඔව් මේ තමයි කිම් ටේහියොන් ගෙ වගේම කිම් සන්හිගෙ වටිනම වස්තුව . එයාලගෙ මුලු ජීවිතකාලෙම එකතු කරපු මතක "

ජනෙල් කවුළු අතරින් වැටෙන හද එළියෙන් විතරක් එලිය වෙලා තිබුන කාමරේ බැලූ බැල්මට හරිම සාමාන්‍ය විදිහට තිබුන . ඒත් ජිමින් කාමරේ ලයිට් දාපුහාමයි හනාය හරියටම කාමරේ දැක්කෙ . කාමරේ බිත්ති එක එක පින්තූර වලින් පිරිල ගිහින් තිබ්බ . ඔව් ඒ හිටියෙ කිම් ටේහියොන් වගේම කිම් සන්හි .

හනාය බිත්තිය පුරා තිබුන ජායාරූප පුරා අත යවන ගමන් ඒව එකින් එක බලද්දි එක තැනක නැවතුනේ හුරු පුරුදු රූපයක් දැකපු නිසයි .

"හරාබොජි මේ ඉන්නෙ "

" ඔව් ඔව් ඔය මම මට එහා පැත්තෙන් ඉන්නෙ හෝබි "

කඩවසම් කොල්ලො තුන්දෙනෙක් එක්ක ලස්සන කෙල්ලො දෙන්නෙක් හිටපු ෆොටෝ එකක් පෙන්නන ගමන් හනාය ජිමින් දිහා බලද්දි හිනා වුන ජිමින් හනාය හිතපු දේ තහවුරු කරා

Rainy Day Where stories live. Discover now