"ඇත්තටම කොහොමද අනේ මේ දෙන්න සෙට් වුනේ "
"එකත් මරු කතාවක් සනා . "
දවස් ගාණකට පස්සෙ මුණ ගැහුන මිස්ට ඇන්ඩ් මිසිස් පාක්ට එකිනෙකාව ගොඩක් මග ඇරිලද කොහෙද . තවමත් ඉවරයක් නැති ජිමින්ගෙයි හනුල්ගෙයි රණ්ඩුව දිහා බලාගෙන ඉන්න කුකී හෝසොක්ගෙන් අහද්දි හෝසොක් හිනාවෙන ගමන් උත්තර දුන්නෙ හනායගෙ වගේම ජන්ග්කුක් ගෙත් හිත්වල කෘතුහලේ පිරුණු අමුතු ආසාවක් ඇතිකරන ගමනුයි .
"ඒ ජිමිනා හනුල් මෙන්න මේ ලමයි මොනවද අහනෝ . ඔය රණ්ඩුව පොඩ්ඩකට නවත්තල මෙහෙට එනවද"
"ඔව් හරාබොජී ඔයාගෙයි හැල්මොනීගෙයි ලව්ස්ටෝරි එක කියන්නකෝ "
කුස්සිය වෙලා කට්ටියට බීම හදන , තමන් එක්ක තරහ වෙලා ඉන්න ආදරණීය වයිෆ්ව යාලුකරගන්න ලොකු උත්සයක යෙදෙන ජිමින්ගෙ වගේම හනුල්ගෙත් අවදානෙ බිදුනෙ හෝසොක්ගෙ කෑගැහිල්ල නිසයි . ඒත් එක්කම හනාය වගේම ජන්ග්කුක් ඇවිත් පාක් ජෝඩුවව ඇදගෙන සාලෙට ගිහින් ඉන්දවල දෙන්නගෙ දෙපැත්තෙන් ඉදගත්තෙ එයාලගෙ ආදර කතාවත් දැනගන්න තිබුන හදිස්සිය නිසයි .
"හුම්ම්ම් කොතනින්ද පටන් ගන්නෙ.
.
.
.
ඔයාල දන්නවනෙ මමයි ටේයි දේගු ගියෙ මගෙ ඩාන්සින්ග් වැඩකටනෙ . මම ගිය ඩාන්සින්ග් ක්ලාස් එකට ලමයිව තෝරගන්තෙ පොඩි ඔඩිශන් එකක් තියල . මට කලින් ඩාන්ස් කරන්න හිටියෙ කෙල්ලෙක් . බොරු කියන්න ඕනෙ නෑනෙ එයාගෙ ඩාන්ස් එක මාර පවර්ෆුල් විදිහට තිබ්බ . අන්න ඒක තමයි මම එයාව දැකපු පලවෙනි පාර . ඒ කෙල්ල ලස්සනයි හැබැයි මගේ හිත මුලින්ම ගියෙ කෙල්ලගෙ ඩාන්ස් එකට . ඊට පස්සෙ අපිව එක එක ටීම් වලට බෙදුව ඒ කෙල්ල තමයි මගේ පාට්නර් වුනේ .""ඕ ඒ කියන්නෙ හැල්මොනීටත් ඩාන්සින්ග් පුලුවන්ද "
"ඒ හැල්මොනී කියල හොදටම ශුවර්ද හනායා "
"මං හිතන්නෑ හැල්මොනී ඉස්සරහ හරාබොජි වෙන කෙල්ලෙක් ගැන ඔහොම කියයි කියල ග්රෑන්ඩ් පා "
"හරි ආයෙත් කතාවට යමු නේද කට්ටිය"
ටිකක් වෙලා නිහඩව හිටපු ජිමින් අතීතෙ තවත් එක ලස්සන දවසකට අඩි තියන ගමන් කට්ටියට කතාව කිව්වෙ ආයෙමත් පාරක් ඒ හැගීම මුලු හදවතින්ම විදින ගමනුයි . ජිමින්ට අදත් ඒ හැගීම එදා වගේම දැනුනා .