Episode 20

13 3 0
                                    

"දන්නවද සනා මේ අත් දෙකෙන් මේ වෙද්දි මිනිස්සු දාස් ගානක් බේරල ඇති මම . ඒත් මට බැරි වුනා අපේ සන්හිවවත් ටේහියොන්වවත් බේරගන්න . අදටත් ඒ ගැන මම පසු තැවෙනව "

"යා ඕක නවත්තපන් බන් අපි හැමෝම දන්නව උබ කොච්චර මහන්සි උනාද කියල ඒක උබේ වරද නෙමෙයි හෝබිය ."

"අනේ ග්‍රෑන්ඩ් පා එහෙම කියන්න එපා ."

"ඔව් ඒක ඔයාගෙ වරදක් නෙමේ ග්‍රෑන්ඩ් පා . ඔයා ඔයාගෙ උපරිමෙන් උත්සහ කරානෙ . "

හෝබිට දුකයි තව ටිකක් තමන් ඉක්මන් උනානම් කියන සිතුවිල්ල හෝබිගෙ හිතට නිතරම වද දුන්න .
කුකී එයාගෙ ග්‍රෑන්ඩ් පා ගෙ හිත හදන්න උත්සහ කරද්දි හනාය කරේ කදුළු පුරෝගෙන හොබීට තුරුළු වුන එක .

"සන්හිගෙ මරන පරීක්ෂණය ඉවර කරල එයාව අපිට බාර දෙනකම්ම ටේහියොන් හිටියෙ සිහිය නැතුව . එයාව පාලනේ කරන්න වෙන විදිහක් අපිට තිබුන්නෑ. ඊට පස්සෙ සන්හිගෙ අවසන් කටයුතු දවස වෙනකන් ටේහියොන් කරේ මේ කාමරේට වෙලා හිටපු එක ."

"ඔව් අපි හිතුවෙ ටේහියොන් එතනට එන එකක් නෑ කියල ඒත් අන්තිම මොහොතෙ එයා ආව ."

........................................................................

හැමෝම බලාපොරොත්තු වුනේ සන්හිව ඉල්ලල අඩන ටේහියොන් කෙනෙක් ඒ උනත් එතනට ආවෙ ලස්සන ටියුලිප් මල් පොකුරක් අරන් ෆුල් සූට් එකෙන් සැරසුණු ටේහියොන් කෙනෙක් අඩලම ඉදිමිලා තිබුන ඇස් වල තවමත් කදුළු පිරිල තිබුනත් ඒ මූනෙ තිබුනෙ හරි සැහැල්ලු හිනාවක් .

නිසොල්මන්ව ඉන්න සන්හි ගාවට ගිය ටේහියොන් මල් පොකුර කෙල්ලගෙ අතින් තියල ඒ සීතල නලලට හාදුවක් දුන්නෙ " මම ඉක්මනට ඔයා ලගට එනව කියල " හීන් මිමිනිල්ලක් එක්කමයි .
.
.
.
.
.
.

"ජිමිනා උබ පලයන් මං මේ ටික ඉවර කරලම එන්නන් ."

"බෑ වරෙන් යන්න දැන් දවස් කීයක් වෙනවද උබ මේක අස්සෙන් හෙල්ලුනේවත් නෑ ."

"සෙරමනි එකට තව මාස කියද තියෙන්නෙ . මේ ටික ඊට කලින් ඉවර කරන්න ඕනෙ ජිමින . "

"ප්ලීස් බං අදට ගෙදර යමන් මං එක්ක . ඔහොම ගියොත් උබ ලෙඩ වෙයි . "

"අපෝ හරි හරි යමන් "

Rainy Day Where stories live. Discover now