Episode 04

36 5 0
                                    

වෙනදට වඩා පරක්කු වෙලා ගෙදර යන්න ස්ටේශන් එකට ආපු සන්හි ලග තිබුනු පුටුවකින් වාඩි වෙලා ඉයර්ෆෝන් දෙකත් කනේ ගහගෙන කැමතිම play list එකත් දාගෙන ඇස් දෙක පියගත්තෙ කෝච්චිය එනකන් ටිකක් මහන්සි අරින්න කියල හිතාගෙයි . ටිකක් වෙලා යද්දි එකපාරටම වම් කනේ රැදිල තිබුන ඉයර්ෆෝන් එක ගැලවිලා ගියත් එක්කම ඇස් ඇරපු සන්හි දැක්කෙ තමන්ට එහා පැත්තෙ ඉදන් එයාගෙ ගැලවුන ඉයර්ෆෝන් එකත් කනේ ගහගෙන ඇස් පියන් හිනාවෙන කොල්ලෙක්ව . ඔව් ඒ එදා කෙල්ලගෙ කුඩේ යටට රින්ගපු කරදරකාරය ටේහියොන් තමයි .

ටික වෙලාවක් යනකන් මුකුත්ම නොවුණු නිසා කොල්ල එක අහැක් ඇරල හොරෙන් සන්හි දිහා බලද්දි දැක්කෙ මූනත් රතු කරන් තමන් දිහා බලන් ඉන්න සන්හිව .

"ආ හායි කොහොමද ,
ලස්සන සිංදු ටික "

බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන උගුර පාදල ටේ කියද්දි මෙච්චර වෙලා නිහඩ හිටපු සන්හිට තවත් නිහඩ වෙලා ඉන්නනම් පුලුවන් වුනේ නෑ .

"මේ මොන මල වදයක්ද ඇයි අද ඇබ දෙක ගේන්න අමතක වුනාද මගෙ එක උදුර ගත්තෙ .........."

එකපාරටම සන්හි කෑ ගහල බනින්න ගද්දි ඒ දිහා බලන් ඉන්න වටේ පිටේ මිනිස්සුන්ට හිනාවෙලා සන්හිගෙ කට අතින් වැහුවෙ කෙල්ලගෙ කියවිල්ල ඉවර වෙන පාටක් නැති නිසා.

"ආව්ව්ව්ව්ව්ව්....... තමුසෙ මිනීමසුත් කනවද හලෝ"

ඔව් කෙල්ල ටේගෙ අත හැපුව තමයි .

"තමුසෙට පිස්සුද, වදයක් වෙන්නැතුව යනවකො හලෝ පැත්තකට "

පුලුවන් උපරිමයෙන් ඉවසන ගමන් කියපු කෙල්ල ටේගෙ කනේ තිබ්බ ඉයර්ෆෝන් එකත් ඇදල අරන් එයාගෙ කනේ ගහගෙන ගියෙ මේ වෙනකොට කෝච්චිය ඇවිල්ල තිබ්බ නිසයි .

කෙල්ලත් එක්කම පස්සෙන්ම කෝච්චියට ගොඩවුන ටේහියොන් කෙල්ලගෙ එහාපැත්තෙන්ම ඉදගද්දි කොල්ලට රවපු සන්හි අනිත් පැත්ත බලාගෙන හිටියෙ මිනිස්සු ඉස්සරහ කෑ ගහල තවත් ලැජ්ජ වෙන්න බැරි නිසයි .

........................................................................

දැන් මාසෙකටත් වැඩිවෙලා තිබ්බත් ටේහියොන්ගෙ කරදරේනන් ඉවරයක් වෙලා තිබ්බෙ නෑ කොච්චර බැන්නත් , ඒ කිසිදෙයක් ගනන් ගන්නැතුව ටේහියොන් සන්හිගෙ පස්සෙන් ඇවිත් කෙල්ලට කරදරක කරන එකේනම් වෙනසක් තිබ්බෙ නෑ . හැමදාම කෙල්ල වැඩ ඇරිල එනකන් ටේහියොන් බලාගෙන හිටිය .

Rainy Day Where stories live. Discover now