ජීවිතේ සුන්දරම කාලයක් තමයි පාසල් කාලෙ . ඉතින් ජිමින් අනිත් අයත් එක්ක ඒ පරණ මතක බෙදාගත්තෙ ගොඩක් සතුටින් ."හයියෝ හරාබොජි මිස්ට කිම් හරාබොජිට සෑහෙනට වද දීල වගේ පව් මගේ හරාබොජි."
මෙච්චර වෙලා හිනාවෙවී හිටපු හනාය බොහොම මාරුවෙන් හිනාව නවත්තගෙන දුක මූනකුත් හදන් ජිමින්ට තුරුළු වුනා . මේකටනන් හෝබිට ටිකක් ඉරිසියා හිතුන . ජිමින් හරි ලස්සනට හිනා වෙලා කෙල්ලගෙ ඔලුව අතගෑව . හනාය හරිම දග හුරතල් කෙල්ලෙක් හනාය හරි ඉක්නනට ජිමින් එක්ක එකතු වුනා ජිමින්ට හනායව දකිද්දි හැමවෙලේම කෙනෙක්ව මතක් වුනා එයත් හරියට හනාය වගේමයි .
"හෙලෝ , ඔව් කියන්න......"
"එන්න අපිත් යමු කන්න මටනන් දැන් බඩගිනී "
ඒත් එක්කම කූකීට ආපු කෝල් එකක් නිසා කොල්ල කට්ටියටත් කියන ගමන් ටිකක් එහාට යද්දි හෝබි කිව්වෙ තවත් මේ සීයගෙයි දුවගෙයි කෝලන් බලාගෙන ඉන්න බැරි නිසයි .
කට්ටියම රෑට කෑම කාල නිදාගන්න ගියා. කුකීනන් ලැප් එකේ ලොකු වැඩක් . හනායටත් නිදිමතක් තිබුනෙ නැති නිසා කෙල්ල සන්හිගෙ ඩයරිය කියවන්න පටන් ගත්ත
(Dairy )
"එයා , එයානන් ඇත්තටම මහ පිස්සෙක් දෙයියනේ මට තාමත් හිනාව නවත්තගන්න බෑ ........."
........................................................................
(අතීතෙ )මූනත් පස්සට කරගෙන ටික වෙලාවක් කොල්ලගෙ මූන දිහා බලන් හිටපු සන්හි හොද හුස්මක් අරන් කියල ඉස්සරහ බලගත්තේ ලොකු කේන්තියකින්
"මට ඔයාව මැරි කරන්න ඕනෙ "
එකපාරටම ටේහියොන් සන්හිගෙ ඇස් දිහා බලාගෙන කියද්දි සන්හි කරේ කටත් බාගෙට ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ටේහියොන් දිහා බලාගෙන හිටිය එක . ටික වෙලාවක් යනකන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ . තාමත් දෙන්නම බලන් හිටපු විදිහටම බලාගෙන ඉන්නව .
තවත් තත්පර කිහිපයක් ගත වෙන්න ඇති එකපාරටම දෙන්න අතර තිබුන නිෂ්ශබ්දතාවයට තිත තියපු සන්හි හයියෙන් හිනාවෙන්න ගත්තෙ හුස්ම ගන්න එකත් අමතක කරල . මෙච්චර වෙලා සන්හිගෙ ඇස් අස්සෙ අතරමං වෙලා හිටපු ටේහියොන් එකපාරටම ගැස්සිල සන්හි දිහා බලන් හිටියෙ ඒ පාර මේ කෙල්ලට මොකද වුනේ කියල කල්පනා කරන ගමන් . මොකද ටේහියොන් මේ වෙලාවෙ බලාපොරොත්තු වුනේ ලොකු බැනුමක් , නැත්තන් සැර කනේ පාරක් . ටේහියොන් ගෙ මූන දැක්කමහ කෙල්ලට තවත් හිනා ගියා කෙල්ලගෙ මූන රතු වෙලා ,ඇස් දෙකෙන් කදුළුත් එද්දි කෙල්ල බඩත් අල්ලන් හිනාවෙනව . කෙල්ලට ඇතිවෙනකන් හිනාවෙන්න කියල ටේත් කටපියගෙන බලන් හිටිය .