Episode 09

22 4 1
                                    

"හලෝ සන්හියා මොකෝ මේ රෑ වෙලා මොකක් හරි අව්ලක් ද ....."

"ආ මේ මේ මේකයි මේ....."

"අහ්හ්හ් .... ඇත්තටම දැන් මං මොකද කියන්නෙ ඇයි මම ජිමින් ඔප්පට කෝල් කරේ . තමුසෙට පිස්සු සන්හි හොදටම පිස්සු" සන්හි තමන් එක්කම ලොකු රණ්ඩුවක් . හිතේ කලබලේට ජිමින්ට කෝල් ගත්තට මොකක්ද කරන්න ඕනෙ කියන්න ඕනෙ කියල සන්හිට කිසි අදහසක් තිබුනෙ නෑ .

"ඕ කියන්න සන්හිය මොකක් හරි ප්‍රශ්නයක්ද "

"මේ නෑ ජිමින් ඔප්ප ඔයාල මේ ටිකේ ගොඩක් බිසීද ගොඩ දවසකින් දැක්කෙ නෑ "

"ආ ඔව් සන්හියා මම මේ ටිකේ කම්පෙටිශන් එකකට යන්න ලෑස්ති වෙනවා . "

"ආ එහෙමද , එහෙනන් ඔප්ප වැඩ ටික කරගන්නකො මම ........ මම පස්සෙ කතා කරන්නන් "

"නෑ නෑ එහෙම අව්ලක් නෑ කියන්න මොකෝ ප්‍රශ්නෙ ."

"මේකයි මේ ආ ... මේ මගේ නිවාසෙ ඩාන්සින්ග් වලට කැමති පොඩ්ඩො දෙන්නෙක් ඉන්නව . ජිමින් ඔප්පට එයාලගෙ ඩාන්සින් ටීචර් වෙන්න පුලුවන්ද අහන්න ගත්තෙ ඔප්ප ෆ්‍රී උනාම අපි ඒ ගැන කතා කරමුකො ."

"අයියෝ සන්හියා ඒකද ප්‍රශ්නෙ ඕකේ ඕකේ මම මේ වැඩේ ඉවර වුන ගමන් ඒ වැඩේ ගැන බලන්නකො ."

"ආ හරි ඔප්ප එහෙනන් මං තියන්නන් ගුඩ් නයිට් ඔප්ප "

ජිමින් එක්ක කතා කරන්නෙ මොනාද කියල කල්පනා කරද්දි කෙල්ලට එකපාරටම මතක් වුනේ එයාගෙ නිවාසෙ ලමයි දෙන්නෙක් නැටුම් පන්තියක් ගැන කියපු කතාව .

"ඕකේ සන්හියා ගුඩ් නයිටි ආ ටේහියොන් මේ ටිකේ ඇමරිකාවල ඉන්නෙ එයාගෙ ලොකූගෙ වෙඩින් එකට ගිහින් "

"මෝ ....... යා මං බොරුවටද එතකොට බය වුනේ . "

"ඔව් ඔව් බයවෙන්න එපා එයා ගොඩක් හොදින් ඉන්නවා"

"හෙලෝ හෙලෝ සන්හියා කෝ ගියාද "

සන්හි ගොත ගගහ කතා කරපු විදිහට ජිමින්ට තේරුනා කෙල්ල කියන්න ගිය දේ නෙමෙයි කිව්වෙ කියල . ඒ නිසා ජිමින් නිකන් ටේහියොන් ගැන සන්හිට කියද්දි ඉබේම සන්හිගෙ කටින් පිටවුන වචන ටිකෙන් ජිමින්ගෙ සැකේ හරි ගියා. හිතින් හිතපු එක කටිනුත් කියවිලා කියල තෙරුන සන්හී එකපාරටම කෝල් එක කට් කරද්දි ජිමින්ට ලොකු හිනාවක් ගියෙ කෙල්ලගෙ රතු වුන මූන මතක් වෙලා.

Rainy Day Where stories live. Discover now