සීත කාලෙ අවසන් වෙලා දැන් ටික දවසක් වෙනව . සීතලට කොල හැලුණු හැම ගහක්ම අලුත් කොළ වලින් පිරිල ගිහින් . මුලු පරිසරේම පාට පාට මල් කොල වලින් හැඩ වෙලා . කලබලකාරී සෝල් නුවර ප්‍රධාන මාවතෙන් වෙන්වෙලා තියෙන ග්‍රීන් වයිල්ඩ් උද්‍යානයත් සමග ඇති මාවතේ පසෙකින් තිබුන චෙරි බොලොසම් ගහක් යට කුඩේකුත් ඉහලන් ඉන්න නව යොවුන් වියේ පසුවන තරුණියක් හදිසියේම ඇද හැලෙන්න ගත්ත වැස්ස එක්ක ලොකු සෙල්ලමක් . චෙරි බ්ලොසම් මල් පෙතිත් එක්ක බිමට වැටෙන වැහි බිංදු දිහාවට අත දික්රගෙන ඉන්න කෙල්ලගෙ මූණ සතුටින් පිරිල .
"යා ගන්නව ඔය අත "
" එහෙම බෑනෙ බබා එතකොට ඔයා තෙමෙනවනෙ "
" ඒයි මෙහෙ වරෙන් . "
වැහි බිංදු එක්ක සෙල්ලන් කර කර හෙමි හෙමින් ඉස්සරහට යන කෙල්ල ගැස්සිල ගියෙ එකපාරට කොහෙන්දෝ මතු වුන කෙල්ලගෙම වයසෙ කියන්න පුලුවන් කොල්ලෙක් නිසයි . වැස්සෙම දුවන් ආපු කොල්ල කෙල්ලට හිතන්නවත් ඉඩ නොතිය කරවටේ අත දාගෙන කුඩේ අල්ල ගද්දි කෙල්ල කරේ කොල්ලගෙ අත් වලින් ගැලවෙන්න දගලපු එක . ඒත් කොල්ලටනන් කිසි ගානක් නෑ වගේ . ලොකු හුස්මක් අතෑරපු කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවෙ 'මේකට කියල වැඩක් නෑ ' වගේ හැගීමකින් . ඒත් වැඩි වෙලා එයාලට එහෙම ඉන්න බැරි වුනේ කොහෙන්දෝ ආපු තවත් කොල්ලෙක් අර කොල්ලව එයාගෙ කුඩේ යටට ඇදල ගත්ත නිසයි .
" ඒ ජිමිනා ..... කැත වැඩ කරන්න එපා යකූ "
" උබ මොකක්ද චූටිගෙ කුඩේ යට කරන්නෙ මේ උබ මගේ නංගිගෙන් ඈත් වෙලා හිටපන් හොදේ ආය මං කියනෑ "
"ලව් කරද්දි කොහොමද යකෝ ඈත් වෙලා ඉන්නෙ "
"ඒ ලව් කරද්දිනෙ තාම සන්හිය කැමැත්ත දුන්නෙ නෑනෙ . "
" යා ඔප්ප ඔයාගෙ මේ යාලුව කොයි වෙලේ හරි මගෙන් හොද කෑමක් කනව හොදේ "
" ඔයා දෙනවනන් වහ උනත් කනව බබා මම "
" දැන්ම මැරෙන්න ඕනෙ නැත්තන් කට පියන් ඉදපන් "
" කොහෙද ඉතින් උබෙත් කිසි උදව්වක් නෑනෙ මාව මස්සිනා කර ගන්න "
" අනේ මේ මටනන් එපා උබ වගේ මස්සිනෙක් . "