"ඇයි අපිට මෙහෙම වුනේ ටේ . මට හැමදාම ඔයා එක්ක ඉන්න ඕනේ "
කදුලු වලින් බොද වුන අකුරු වලින් සන්හි අවසානෙට ලියල තිබුන කතාවෙ තේරුම මොකක්ද , මොකක්ද ඇත්තටම වුනේ ඇයි මෙතනින් පස්සෙ මුකුත් නැත්තෙ . මේකෙ අනිත් පිටු ටික කෝ . හනායගෙ හිතේ පොඩි තිගැස්මක් එක්ක ප්‍රශ්න ගොඩක් ඇවිත් . ඒත් වැඩිවෙලා හනායට ඒ දේවල් ගැන හිතන්න බැරි වුනේ එයාගෙ කූගෙ කටහඩ නිසයි .
"බබා මොකෝ මේ අඩන්නෙ ඇයි මොකද වුනේ ."
ටියුලිප් පාත්තිය ලග තිබුන යකඩ ඔන්චිල්ලවට වෙලා පොත කියව කියව හිටිය හනායගෙ ඇස් වල කදුළු පිරිල තියෙන හැටි දැක්කහම ජංග්කුක් ටිකක් කලබල වුනා. ටිකක් වෙලා කුකී දිහා බලන් හිටපු හනාය කුකීට තුරුළු වුනේ මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වනන ගමනුයි .
" කුකී හරාබොජිල ආවද "
" හම්ම්ම් ඔව් බබා එයාලත් දැං ආවෙ "
ටික වෙලාවක් කුකීගෙ තුරුලට වලා සන්සුන් වුන හනාය කුකී එක්කම ජිමින්ව හොයාගෙන යද්දි ජිමින් හිටියෙ හොබි එක්ක සාලෙට වෙලා මොකක්දෝ වැඩක් කරන ගමන් .
"හරාබොජි ටිකක් කතා කරන්න පුලුවන්ද "
"ඕ හනාය කියන්න දරුවො මොකක්ද දැනගන්න ඕනෙ "
ජිමින් හිනාවකින් මූන පුරෝගෙන හනායට කිව්වෙ අනිවාරෙන්ම අදත් මොකක් හරි ප්‍රශ්න පත්තරයක් හොයාගෙන වෙන්න ඇති කියල හිතුන නිසයි .
"සන්හිටයි ටේහියොන්ටයි මොකද වුනේ හරාබොජි . ඒ දෙන්න වෙන් වුනාද . ඇයි මේ පොතේ එයාලගෙ කතාවෙ අන්තිම ටික නැත්තෙ . "
මූනත් බෙරි කරගෙන හනාය කියවද්දි මෙච්චර වෙලා සැහැල්ලු හිනාවකින් පිරිල තිබුන ජිමින්ගෙ , හොබීගෙ වගේම ඒ වෙලාවෙ එතනට ආපු හනුල්ගෙ මූනත් අදුරු වෙන්න ගත්ත . මේ කිසිදෙයක් ගැන නොදන්න කුකීගෙ මූනෙනන් තිබුනෙ ලොකු කෘතුහලයක් . ටික වෙලාවක් නිහඩව හිටපු ජිමින් ලොකු හුස්මක් අතාරින ගමන් තරප්පු පෙල දිගේ සන්හිලගෙ කාමරේට යද්දි අනිත් අයත් ජිමින් පස්සෙන් කාමරේට ගියා . කාමරේ පැත්තකින් තිබුන ලොකු අල්මාරිය ඇතුලෙ මොනවද හොයපු ජිමින් ආයෙත් අනිත් අය ලගට ආවෙ රිබන් පටියකින් බැදපු කොල ටිකකුත් එක්කමයි .