Episode 10

16 4 1
                                    

ඉස්සරහට මොන දේ වුනත් කවදාවත් අතාරින්නෙ නෑ කියන්න වගේ තදින් පැටලිලා තිබුන අත් දෙකක අයිතිකාරයෝ දෙන්නෙක් තරු පිරුණු අහස යට හද එලියෙන් පාර අහන ගමන් හිමි හිමින් ඇවිදන් ගිය හරිම සතුටින් .

"අද අහස හරි ලස්සනයි නේද ටේ ටේ "

තරු පිරුණු අහස දිහා දිලිසෙන ඇස් වලින් බලාගෙන සන්හි කිව්වෙ ලස්සන හිනාවක් එක්කමයි . දිග ඇස් කතාවකට පස්සෙ නිහඩවම ඉදිරියට ඇදුන ටේහියොන් සන්හි දිහා බැලුවෙ සන්හිගෙ මේ වෙනස් හැසිරීමටත් ටිකක් පුදුම වෙලා. අන්තිමට සන්හිව හම්බුන දවසෙත් දෙන්න කරේ රණ්ඩු වුන එක මොකද සන්හි ටේහියොන්ට කිසිම බුරුලක් දුන්නෙ නෑ . හිත හොදටම රිද්දගෙන ඇමරිකා ගිය ටේහියොන් මෙහෙම දවසක් මේ තරන් ඉකමනට බලාපොරොත්තු වුනේ නෑ .

ගොඩක් සතුටින් ඉන්න සන්හිගෙ මූන දිහා ටික වෙලාවක් බලන් හිටපු ටේහියොන්ටත් හරි ලස්සන හිනාවක් ගියා . ඔව් එයාගෙ නපුරු කුමාරි සතුටින් . කොච්චර කාලයක් ගියත් අතීතෙ සමහර දේවල් අමතක වුනත් හිත ඇතුලෙ තැම්පත් වුන සමහර පුරුදු මතු වෙන්නෙ අපිටත් නොදැනිමයි . හරියට සන්හි ටේහියොන්ට ටේ ටේ කියල කතා කරා වගේ . ඒ නම ඇහෙද්දි ටේහියොන්ගෙ ඇස්වල හීනි කදුලු පටලයක් ඇදිල තිබුනෙ හිතට දැනන සතුට දරාගන්න බැරි වුන නිසා වෙන්න ඇති .

"හුම්ම්"

ටික වෙලාවක් යනකනුත් තමන්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් නැති තැන සන්හි ටේහියොන් දිහා බලද්දි මෙච්චර වෙලා සන්හි දිහා බලන් හිටපු ටේහියොන් ලස්සන හිනාවක් එක්ක ඔලුව වනන ගමන් හරිම කෙටි උත්තරයක් දීල අහස දිහා බලාගත්ත . හැබැයි සන්හිටනන් ඒ උත්තරේ හොදටම මදි වගේ . වෙන තැන්වල නැතත් සන්හි එක්ක ඉද්දි ටේහියොන් හරියට කතා පෙට්ටියක් වගේ කොච්චර බැන්නත් ඒ කටනන් නවතින්නෑ එක මොහොතකට. ඒත්, ටේහියොන් අද එයාගෙ කතාපෙට්ටිය වහල දාලද කොහෙද . සහින්ට ඒ කරදරකාරය නැතුව හොදටම පාලු හිතිල .

"මේ ටේ ටේ ඒක නෙමෙයි ඔයා කොහොමද මං ගැන ඔච්චර දේවල් දැන ගත්තෙ . ඔයාට එපා වුනේ නැද්ද අනේ මං බනිද්දි . මොකක්ද අනේ වෙලා තියෙන්නෙ ඇයි මා එක්ක කතා කරන්නැත්තෙ . ශික් අපාරදෙ මං කැමති වුනේ . වෙනද වගේ හිටියනන් ඉවරයි . මං තරහයි අනේ ඔයා එක්ක ."

Rainy Day Where stories live. Discover now