Episode 13

6 2 0
                                    

"හරාබොජි මිස්ට කිම් පිස්සු වැඩ කරන කෙනෙක් කියල කිව්වට මට දැන් තමයි ඒක හරියටම තෙරුනෙ ."

"යා ..... යා ...... කුකී මොකක්ද ඒ බැල්ම ඈ. ඔයානන් ඒ වගේ වැඩක් කරන්න හිතන්නවත් එපා ."

කුකීගෙ වගේම හනායගෙ දැඩි ඉල්ලීම නිසා සන්හිගෙ උපන්දින තෑග්ගෙ රස කතාව ජිමින් කියන්න පටන් ගත්තෙ ගොඩක් සතුටින් මොකද ඒක ඒතරම් රසවත් . ඒ අතරෙ කතාව අතර මැදදි හනාය දිහා බලාගෙන කියපු කුකීගෙ මූනෙ අමුතු දගකාර හිනාවක් රැදිල තිබුන . හනායගෙ හිත ඒ වෙලේ පොඩ්ඩක් ගැස්සුනේ නෑ කිව්වොත් ඒක බොරුවක් මොකද කුකී කියන්නෙත් ඒ වගේ සැර විහිලු කරන්න දෙපාරක් නොහිතන කෙනෙක් . ඒකයි හනායවයි ජන්ග්කුක්වයි දකින වෙලාවට ජිමින්ට වගේම හෝබිටත් සන්හියි ටේහියොන්වයි මතක් වෙන්නෙ .

"ඒ හොබා මාත් එක්ක පොඩ්ඩක් එලියට යමුද පොඩි වැඩක් තියෙනව"

"ආ හරි පොඩ්ඩක් ඉන්න මං ලෑස්ති වෙලා එන්නං "

"හරාබොජි ඒත් ......"

"හරි හරි කෙල්ලෙ ආවහම කියන්නන් ඉතුරු ටික "

"යමු ජිමින අපි ගිහින් එන්නන් ලමයි"

"හරී පරිස්සමට ගිහින් එන්න දෙන්නම "

එක එක්කෙනාගෙ පොඩි පොඩි බාදකිරීම් එක්කම කතාව දිගටම කරගෙන ගියපු ජිමින්ට කතාව අතර මැද නවත්තන්න වුනේ හදිසියේම ආපු කෝල් එකක් නිසයි . ඉන්පස්සෙ ජිමින් හදිසියෙන්ම හෝබි එක්ක එලියට යද්දි කතාවෙ ඉතුරු ටික දැනගන්න හනායට වගේම කුකීට ජිමින් එනකන් ඉන්න එක ලේසි වුනේ නෑ . ඒ නිසයි හනාය කුකීවත් ඇදගෙන සන්හිගෙ දිනපොතේ පිටු අතරෙ ඒ කතාව හෙව්වෙ . හනාය විශ්වාස කරා වගේම ඒ පොතේ එදා දවස ගැන ජිමින්ට මග ඇරුන වගේම ජිමින් නොදන්න දේවලුත් අපූරුවට සන්හී අකුරු කරල තිබුන.

"අපි මේ හැමදේම ඉක්මනට ඉවර කරල නිදහසේ ඉමු ටේ . මං දන්නව ඔයාට ගොඩක් මහන්සී කියල . ඒත් අපි මේක කරන්න ඔනේ. මගේ ටේ දවසක මේ මුලු ලෝකෙම දිනන්න ඕනෙ ."

"ඇත්තටම මටත් මිසිස් කිම් ගැන ඉරිසියයි අප්ප "

"හුම්ම්ම් මටත් මිස්ට කිම් ගැන ඉරිසියයි "

Rainy Day Место, где живут истории. Откройте их для себя