Episode 16

12 4 1
                                    

"එතකොට ඔයා තමයි එහෙනන් රෑට රෑට මගෙ හීන අස්සට රිංගල මගේ නින්ද කැඩුව කරදරකාර කොල්ල "

"මො මොකක්ද ඒ කතාව ආ"

"නෑ සමහර දවස් වලට මට පැහැදිලි නැති එක එක හීන පේනව . පොඩි කෙල්ලෙක් එක්ක රණ්ඩු වෙන කොල්ලෙක්ව . ඔයාව හම්බුන දවසෙ ඉදන් මට ඒ හීන නිතරම පේන්න ගත්ත. වෙලාවකට හේතුවක් නැතුව මම ඇඩෙනව ඒ වෙලාවට . අනික ඒ ඇස්.... ඒ ඇස් හරියට ඔයාගෙ වගේමයි . මට බය හිතුන ටේ ඔයාට ලං වෙන්නත් ඒ නිසා . මිසිස් ලී මට කිව්ව මට අමතක අතීතෙ එච්චර ලස්සන එකක් නෙමෙයි කියල . මටත් ඕන වුනේ නෑ ඒ දේවල් ආය මතක් කරන්න . මට බය හිතුන ඔයා නිසා ඒ අතීතෙ මට මතක් වෙයි කියල . ඒත් ඒ අතීතෙ ඒ තරන් නරක නෑ නේද ."

"මිසිස් ලී දන්නෑනෙ මේ හැන්සම් කොල්ල ගැන . හිතේ ඇති මාව අමතක කරල මගෙන් බේරෙන්න . "

සන්හි හිටියෙ ටේහියොන් එක්ක ගේ ලග පරණ ඕක් ගහක් යට තණ බිස්සෙ බිම දිගා වෙලා එයාලට අමතක මගැරුනු පොඩි කාලෙ ගැන මතක් කරන ගමන් . ඒ කාලේ ටේහියොන් සන්හිට කියල කෑම කවගත්ත හැටි . පෝලි එක්ක සන්හිව බෙදාගන්න රණ්ඩු කරපු හැටි ඊට පස්සෙ දෙන්නම සන්හිගෙන් ගුටි කාපු හැටි . ඒ අතීතෙ හරි සුන්දරයි . පැය ගානක් තිස්සෙ අතීත මතක එක්ක සන්හී ටේහියොන් දෙන්න ගොඩක් කාර්‍යයබහුල වෙලා .
.......................................................................

"ඇත්තටම ඔයා මට මේ තරම් ආදරේ කරන්නෙ කොහොමද ටේ . ඇයි ඔයා ඔයාගෙ හැමදේම නැති කරගෙන මාව තෝරගත්තෙ ........"
.
.
.
.
.

"පොඩ්ඩක් ඉදපන් බං එනකන් බෙල් එක කඩන්නැතුව ...... "
.
.

මොකක්ද යකූ වෙ..... ඕ සන්හියා ඔයා මොකද  .... "

"මාත් අහන්නෙ ඔයා මොකද මෙතන කරන්නෙ කියල කිම් ටේහියොන් . මම පැහැදිලිවම ඔයාට කිව්ව නේද මේ වැඩේ කරන්න එපා කියල "

"අයිගෝ එනව ඇතුලට ඉස්සෙල්ලම "

ටික වෙලාවක් තිස්සෙ එක දිගට නාද වෙන බෙල් එකටත් හිතින් දොස් කියන ගමන් ටේහියොන් ගිහින් දොර ඇරියෙ ජිමින්ව බලාපොරොත්තුවෙන් වුනත් එතන හිටියෙ සන්හි . දොර ඇරපු ගමන් ටේහියොන්ට බැනගෙන යන කෙල්ලව එකපාරටම ගේ ඇතුලට අරගෙන දොර වැහුවෙ ඊට එහායි තියෙන ගෙවල්වල කිහිප දෙනෙක් අමුතු විදිහට මේ දෙන්න දිහා බලාන ඉදපු නිසයි .

Rainy Day Where stories live. Discover now