Episode 02

36 7 5
                                    

තද නින්දක හිටපු හනායට ටික වෙලාවක ඉදන් උණුසුම් හුස්මක් මූණට දැනෙන්න ගත්ත . ඒත් එක්කම සියුම් ස්පර්ශයක් මූනට දැනෙද්දි හනාය එකපාරටම ඇස් ඇරියෙ තමන් ගෙදර දොර වැහුවෙ නැති බව මතක් වෙල යි.
ඇස් ඇරපු හනාය දැක්කෙ තමන්ගෙ මූනට කිට්ටු වෙලා ඉන්න පුද්ගලයෙක්ව .

මේ වෙද්දි හොදටම හවස් වෙලා තිබ්බ වගේම හීන් හිරිපොදක් වැටෙමින් තිබුන නිසා අවට පරිසරය අදුරු වෙලා තිබුනා විදුලි පහන් ආලෝකයක්වත් නොතිබුණු නිසා කලබල වුන හනාය එකපාරට කෑ ගහගෙන සෝපාවෙන් පැනල කුස්සියට දුවන්න ගත්තෙ කුස්සියෙන් යම් ආලොකයක් දකින්න තිබුන නිසයි .

ඉටිපන්දම් කිහිපයකින් අලොකමත් වෙලා තිබුන කුස්සිය පුරා ඇස් ගෙනිච්ච හනාය දැක්කෙ බාගෙට කපපු එළවළු වගයක් එක්ක තිබුන පිහියක් . කලබලෙන්ම පිහිය අතට ගත්ත හනාය ලොකු හුස්ම කිහිපයක් නිදහස් කරල හිත ටිකක් සංසුන් කරගෙන හිමීට සාලෙ පැත්තට අඩිය තිබ්බෙ පිහියත් ඉස්සරහට දික්කර ගෙනමයි .

රෑ බෝවෙලා නොතිබුණු නිසා වට පිටාව හරිහැටි පැහැදිලි නැතත් යන්තමට වට පිටාව බලාගන්න පුලුවන් තරමෙ ආලෝකයක් තිබුණ එක හනායට තරමක සැනසිල්ලක් ගෙනත් දුන්නෙ කොච්චර උස්සහ කරත් විදුලි පහන් දැල්වුනේ නැති නිසා විදුලි ඇන හිටීමක් වෙලා ඇති බව තේරුණු නිසායි.

හෙමි හෙමින් සාලට ගියපු හනායව එකපාරටම දරදඩු අතකට හිර වුනා. එක අතක් හනාය පිහිය අල්ලන් හිටපු අත වටා තදින් පැටලිලා තියෙද්දි තවත් අතක් හනායගෙ ඉන වටේ පැටලිලා තිබුන.

"යා............. මාව අතඇරපන් මිනිහො තමුසෙ දන්නවද මම කවුද කියල . මගේ කූ දැනගත්තොත් තමුසෙගෙ කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙයි .මාව අතාරිනවා............"

ඇස්වලින් කදුළු ගලන් යද්දි ඒ දරදඩු අත් වලින් ගැලවෙන්න දගලන ගමන් පුලුවන් තරන් හයියෙන් කෑගහපු හනායගෙ ඉකිය එන්න එන්න වැඩි වුනේ හිතේ වගේම ගතේ ශක්තියත් එන්න එන්නම අඩුවෙන්න ගත්ත නිසයි .

"අනේ කූ එන්නකො මට ගොඩක් බයයි කුකී"

හීන් කෙදිරිල්ලක් එක්ක ඇස්දෙක පියගත්තු හනාය ආයෙමත් ඇස් ඇරියෙ ලොකු ආලෝකයක් ආපු නිසයි . ඔව් කරන්ට් එක ඇවිත් . ඒත් එක්කම හනායගෙ ඇස් පුදුමෙන් ලොකු වුනේ ටැටූ පිරුණු අතක් තමන්ගෙ අත අල්ලන් ඉන්නව දැකපු නිසයි .

Rainy Day Where stories live. Discover now