එදා මමයි ටේයි ස්ටේශන් එකට යන ගමන් හිටියෙ . එකපාරටම වැස්සක් පටන් ගත්ත.........
(අතීතෙ)
"අඩෝ යමන් ඉක්මනට මම බොට කිව්ව ටැක්සියක යමන් කියල හරිනෙ අමාරුව"
"යා බොරුවට කෑ ගහන්නැතුව වරෙන් බං . උබ කොහොමත් නාන්නෙත් නැති නිස පොඩ්ඩක් තෙමුනට අව්ලක් නෑ "
මූනත් රතු කරන් ජිමින් ටේට බනින්න ගත්තෙ කට කැඩෙනකන් ටැක්සියක යමුයි කියල කිව්වත් ටේට පයින්ම යන්න ඕනෙ කිව්ව නිසයි . ටේටනන් ගානක් නෑ. කොල්ලො දෙන්න ගාව කුඩයක්වත් තිබුනෙ නැති නිසා දෙන්නම ටිකක් තෙමිල හිටියෙ .
වැඩිය සෙනගක් නැති කාපට් පාර දෙපැත්තෙම ලොකු ගස් වර්ග වලින් හැඩ වෙලා තිබ්බ. පාර දෙපැත්තෙ තැන් තැන් වල පොඩි බංකු තියල තිබ්බ . වැඩි සද්ද බද්ද නැති නිසා මේ පාරෙ ඇවිදින එක හිතට ලොකු නිදහසක් ගෙනාව . ස්ටේශන් එකට මෙතන ඉදන් ටිකක් දුර නිසයි මේ පාර වැඩිය කවුරුත් පාවිච්චි කරේ නැත්තෙ .
වැස්සට අහුවුන ටේ ජිමින් දෙන්න දුවල ගියේ පාරෙ අයිනෙ තිබුන ලොකු ගහක් යටට . ගහ යටට වෙලා ටේටත් බැන බැන ඔලුව ලේන්සුවෙන් පිහදදා හිටපු ජිමින් ටේ දිහා බැලුවෙ කොල්ලගෙන් සද්දයක් නැති නිසයි . එතකොට ජිමින් දැක්කෙ ජිමින්ට එහා පැත්තෙ මොකක් හරි දෙයක් දිහා වශීවෙලා වගේ බලගෙන ඉන්න ටේහියොන්ව . ජිමිනුත් ටේගෙ බැල්ම දිගේම ඇස් අරන් යද්දි දැක්කෙ එයාල ඉන්න තැනට ටිකක් දුරින් කුඩයක් ඉහලගෙන ඉන්න කෙල්ලෙක්ව . ඒ කෙල්ල වැස්සට අතක් දික් කරන් වැහි බින්දු එක්ක ලොකු සෙල්ලමක් . කෙල්ලගෙ මූනෙ හරි ලස්සන හිනාවක් ඇදිල තිබුන . ජිමින්ට පුදුමයි , මේ ගෙවුන කාලෙ ඇතුලත ටේ කෙල්ලෙක් දිහා උනන්දුවෙන් බැලුව පලවෙනි පාර මේක . ටේගෙ මූනෙ හරි අහම්බෙන් ඇදෙන අහින්සක ලස්සන හිනාවක් ඇදිල තිබ්බෙ කොල්ලගෙ ඇස් සතුටින් දිලිසෙද්දි . ජිමින් ටේ දිහයි කෙල්ල දිහයි මාරුවෙන් මාරුවට බැලුවෙ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව .
විනාඩි 10ක් ,15ක් නෑ පැය බාගයක් විතර ගියා . ටේහියොන් ඒ කෙල්ලගෙ ලෝකෙ අතරමං වෙලා ඉද්දි අර කෙල්ල වැහිබිංදු එක්ක වෙනම ලෝකෙක අතරමං වෙලා හිටියෙ . ජිමින් බලාගෙන හිටිය ටේගෙ ඇස් වල හීනි කදුළු පටලයක් බැදිල තිබුන හැටි . වැස්ස ටික ටික අඩුවෙද්දි කෙල්ල කුඩෙත් ඉහලගෙනම වෙලාව බලන ගමන් ස්ටේශන් එක පැත්ත දුවන්න ගත්ත . ඒත් තාමත් ටේහියොන් ඒ දිහාම බලාගෙන හිටියෙ ඇස් වලින් කදුළු කැට ටේටත් නොදැනිම කම්මුල් දිගේ ගලාගෙන යද්දි යි .