පොඩි පොඩි රස කතා , හුරතල් කතා , විහිලු කතා , ආදර කතා , අලුත් කතා පරණ කතා එක්ක ගෙවුන තවත් දවසක නිමාව ගැන කියන්න පායපු අඩ හද එලියෙන් පේන ඇදේ කොනක සන්හිගෙ ඩයරියත් තුරුළු කරගෙන නින්ද ගිහින් උන්නු හනායගෙ කම්මුල් මහපට ඇගිල්ලෙන් හරිම සිනිදුවට පිරිමදින ජන්ග්කුක්ගෙ මූනෙ ඇදිල තිබෙනෙ හරි ආදරණීය හිනාවක් . " මගේ හනාය හරි ලස්සනයි " හිතින් මුමුණන ගමන් ඒ ලොකු බෝල ඇස් හනායගෙ ලස්සන රස විදිනව හරිම සංසුව . ටික වෙලාවක් එහෙම හිටපු ජන්ග්කුක් හිමීට හනායගෙ තුරුලෙ තිබුන සන්හිගෙ ඩයරිය අරන් ලෑම්ප් ටේබල් එක උඩින් තියල හනායගෙ නලලට හාදුවක් තියල කෙල්ලව තමන්ගෙ තුරුලට අරගෙන නින්දට ගියා .
........................................................................දවස් ගෙවිල ගියේ හරි ඉක්මනින් . හනාය එයාගෙ වැඩේට වෙන් කරපු සති දෙකක කාලය ඉවර වෙන්න තිබුනෙ තව දවස් දෙකක් වගේ පොඩි කාලයක් විතරයි . හනායට ලෝබයි මේ ගෙවුන දවස් කිහිපය කවදාවත් විදපු නැති තරමෙ අපූරු දවස් කිහිපයක් වෙලා තිබුන . හනායට ලෝබයි මේ ගෙවුන දවස් ගැන . මෙච්චර ඉක්මනට දවස් ගෙවෙන එක ගැන හනුල්ට තිබුනෙ පොඩි නොරිස්සුමක් . හනායට ඕන කරා අහබෙන් හම්බුන සන්හිගෙත් ටේහියොන් ගෙත් කතාවෙ අවසාය දැන ගන්න මෙහෙන් යන්න කලින් .
අද හැමෝටම ගොඩක් බිසී දවසක් , හනායට ඇරෙන්න . උදේ කෑමෙන් පස්සෙ හැමෝම kim house එකෙන් පිටත් වුනේ හනායව kim house එකේ තනිකරල දාලයි .
"බබා මම ඉක්මනට එන්නන් හොදද මීටින් එක ගොඩක් වෙලා අදින්නෙ නෑ පරිස්සමට ඉන්න මම එනකන් "
"හුම්ම්ම්ම්ම්ම් ඉක්මනට එන්න හරිද එද්දි කන්න මොනා හරි ගේන්න හොදේ "
"හා හා ගේන්නන් කෝ දැන් මාව අතාරින්නකො බේබී "
හෝසොක් ජිමින් එක්ක හනුල් උදේම වැඩ වගේකට එලියට යද්දි කුකීටත් සෝල් යන්න වුනේ හදිසියේ වැටුන මීටින් එකක් නිසයි . හනානන් කොල්ලව යවන්න පොඩ්ඩක්වත් කැමති නෑ මේ ගෙවුන ටික දවසට හනාකුක් දෙන්න එකිනෙකාට නැතිවම බැරි තරමට ලං වෙලා . හනුල් හිටියෙ මීටිමට යන්න ලෑස්ති වෙලා ඉන්න කුකීගෙ පපුවට තුරුළු වෙලා . බොහොම අමාරුවෙන් කෙල්ලව ඈත් කරපු කුකී හිටියෙ කදුලු පුරෝගෙන තමන් දිහා බලාන ඉන්න හනායව දාල යන්න ලෝබ කමින් . ඒත් මේකට තමන් යන්නම ඕනෙ වැඩ ටික පුලුවන් තරම් ඉක්මනට ඉවර කරල ඉක්මනට ගෙදර දුවන් එන්නයි කුකීටත් ඕනෙ වුනේ .