"ජනප්‍රිය නළු කිම් ටේහ්‍යොන්ග් විසින් නවක නිළියක වන මින් හාරා හට අතවර කල බවට ඇය විසින් ට්වීටර් සටහනක් තබා ඇති අතර ඇය එයින් වැඩිදුරටත් පවසා සිටින්නෙ ටේහ්‍යොන්ග් විසින් ඔවුන් එකට සිටි මොහොත රූගත කර ඇයව බ්ලැක්මේල් කිරීමටත් තැත් දැරූ බවයි."
එදින උදෑසනින්ම සියලුම මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලැබූ පුවතත් සමඟින් කොරියාව තුල මෙන්ම ලොව පුරා විසිර සිටි k-drama රසික රසිකාවියන් බොහෝදෙනෙක් කම්පනයට පත්වුණා.
කොරියාවේ බොහෝ සම්මාන උළෙල වල් වල හොඳම නළුවාට හිමි සම්මානය පවා පිට පිට දිනාසිටි කිම් ටේහ්‍යොන්ග් ලෝක ප්‍රසිද්ධ දක්ෂ නළුවෙක් වුණා. ඒ විතරක් නෙවෙයි මිත්‍රශීලී වගේම සැහැල්ලු චරිතයක් උනු ටේහ්‍යොන්ග්ගේ අහිංසක ගතිගුණ නිසාම ඔහු බොහෝදෙනාගේ නොමද ආදරයට පාත්රවී සිටියා. ඉතින් එවන් අයෙකු වෙතට එල්ල උනු මේ අභූත චෝදනාව එක්වරම පිළිගන්න බහුතරයක් අකමැති උනත් ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන ජඩ වැඩ කරන ප්‍රසිද්ධ මිනිස්සු ගැන ඕනෙතරම් උදාහරණ තියෙද්දි සමහරක් දෙනා දැනටමත් ටේහ්‍යොන්ග්ට දොස් කියන්න පටන් අරන් තිබුණා.
"සාක්ෂි නැතුව කිසිම දෙයක් මම නම් පිළිගන්නෙ නෑ."
"මට නම් හිතෙන්නෙ මේ කෙල්ල බොරු කරනවා කියලා. ටේහ්‍යොන්ග්ව පාවිච්චි කරලා ප්‍රසිද්ධ වෙන්න දඟලනවද කොහෙද.."
"මේ ගර්ල් කියන කතාව ඇත්ත නම් අනිවාර්යයෙන්ම ටේහ්‍යොන්ග්ට දඬුවම් ලැබෙන්න ඕනෙ."
"ටේහ්‍යොන්ග් කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි කියලා මට හොඳටම විශ්වාසයි."
"We believe you Taehyung"
"අහිංසක කෙල්ලෙක්ට මෙහෙම කරපු ටේහ්‍යොන්ග්ට හොඳක් සිද්ද වෙන්න එපා!"
දින ගණනාවක් පුරාම එම සිදුවීම කොරියාවෙ ට්‍රෙන්ඩින්ම ටොපික් එක වෙද්දි මින් හාරා විසින් පසුව මාධ්‍යයට නිකුත් කළ වීඩියෝ පටය නිසාවෙන් බහුතරයක් දෙනා ටේහ්‍යොන්ග්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා.
ටේහ්‍යොන්ග් මින් හාරාගෙ අකමැත්ත පවා නොතකා ඇයව ආවේගශීලී ලෙසින් සිපගන්න ආකාරය ඒ වීඩියෝ පටයෙ පැහැදිලිවම සටහන් වෙලා තිබුණා.

YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fanfiction"ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...